චිත්තානුපස්‌සනාව – 25

උප්පැන්නයෙන් එහා ඔබේ සැබෑ වයස ගැන සිතන්න

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.

භික්‍ෂුව දිනක්‌ කුටියක වැඩසිටිනකොට පිංවත් මහත්මයෙක්‌ කුටියේ කැපකරු මහත්මයා හරහා දැනුම් දුන්නා, හෙට උදේට පිණ්‌ඩපාත දානය බෙදාගන්න කුටියේ පිණ්‌ඩපාත මඩුවට එනවාය කියලා. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාත මඩුවට වැඩම කරලා විනාඩි කිහිපයකට පසුව, ලොකු බෑගයක්‌ අරගෙන එම පිංවතුන් පැමිණියා. ගමේ පිණ්‌ඩපාතය බෙදන්න පැමිණි දායක පින්වතුන් දැන් බලාගෙන සිටිනවා. මේ මහත්වරුන් තම බෑගයෙන් රූපවාහිනී කැමරාවකුත්, කැමරා රඳවනයකුත් එළියට අරගෙන භික්‍ෂුව ඉදිරියේ කැමරාව ස්‌ථානගත කළා. ඒ මොහොතේ භික්‍ෂුව, මනුෂ්‍යයාගේ සංස්‌කාර තුළ බැසගෙන විඤ්ඤානය නමැති මැජික්‌කරුවා කරන මැජික්‌ සන්දර්ශනය නුවණින් දකිමිනුයි හිටියේ. කැමරාව සූදානම් කරලා තමයි එම මහත්වරු පාත්තරයට දානය බෙදුවේ. දානය පූජාකරනකොට භික්‍ෂුවට තේරුණා දානයට වඩා මුල්තැනදීලා තිබුණේ කැමරාකරණයටය කියලා.

දවස්‌ කිහිපයකට පස්‌සේ භික්‍ෂුවට ආරංචි වුණා, එදා බෙදුව පිණ්‌ඩපාත දානයේ දර්ශන අන්තර්ජාලයේ පළවී තිබුණාය කියලා. පිංවත් ඔබ නුවණින් දකින්න. ඔබ වර්තමානයේ රැස්‌කරන කුසල් සංස්‌කාරයන් තුළ විඤ්ඤාණය බැසගෙන, එම කුසල් සංස්‌කාරයන් නැවත මමත්වයේ දැඩිභාවයෙන් තෙත් කරනවා. සංස්‌කාර අනිත්‍යභාවයට පත්වී යන වේගයෙන්ම, විඤ්ඤාණය නමැති මැජික්‌කරුවා නැවත නැවත සංස්‌කාර පෝෂණය කොට දෙනවා. රූපය කෙරෙහි ඔබ ඇතිකරගන්නා වූ තෘෂ්ණාව, විඤ්ඤාණයේ පෝෂණයට තිබෙන හොඳම උපකාර ධර්මය වෙනවා.

භික්‍ෂුව තම භික්‍ෂු ජීවිතයේ අටවෙනි වස්‌කාලයයි මේ ලියන මොහොත වන විට ගත කරන්නේ. විශාල ජලයෝජනා ක්‍රමයක්‌ ආශ්‍රිත කොලනි ගම්මානයක්‌ වශයෙන් හඳුන්වන ගම්මානයක කුඩා කුටියකයි, භික්‍ෂුව වස්‌ශීලය සමාදන්ව වැඩසිටින්නේ. ගමේ පිංවතුන් කෙසෙල් වගාව, වී ගොවිතැන සහ රටකජු වගාව තමයි ජීවිකාව හැටියට කරන්නේ. අද උදෑසන භික්‍ෂුවට පිණ්‌ඩපාතයට, තම්බපු රටකජු පාර්සලයක්‌ පාත්‍රයට පූජාකළා. භික්‍ෂුව කොලෙස්‌ටරෝල් ගැන නොසිතාම එය වැළඳුවා. ආහාරයක්‌ වළඳන වෙලාවට, ශරීරයට සම්බන්ධ ලෙඩක්‌ මතක්‌වෙනවා නම්, එයත් අතීත අකුසල් විපාකයක්‌මයි. ලෙඩ ගැන මතක්‌වෙනකොට භික්‍ෂුවට භික්‍ෂුවගේ වයස මතක්‌වුණා. භික්‍ෂුව ඉපදුනේ 1962 දෙසැම්බර් මස 21 වැනි සිකුරාදා රාත්‍රී 10.07 ට. ලග්නය සිංහ. නවාංශකය මේෂ. භික්‍ෂුවට උපන්දිනයට අදාළ ඉහත දත්තයන් තවමත් මතකයේ තිබෙන්නේ, ගිහිකාලයේදී මනාලියන්ට හඳහන් පිටපත් ලියලයි. භික්‍ෂුවට උපන් වෙලාව, නැකත, දවස තවමත් මතකයේ තිබෙන්න තරම් ගිහිකාලයේ මනාලියන්ට හඳහන් පිටපත් ලියලත්, විවාහයක්‌ සිදුනොවුණේ අතීත අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌ නිසාමයි. නමුත් භික්‍ෂුව දක්‍ෂ වුණා එම අකුසල් සංස්‌කාරය කුසල සංස්‌කාරයක්‌ බවට පත්කරගන්න. එය සැබැවින්ම භික්‍ෂුවගේ යම් අකුසල් සංස්‌කාරයක ඵලයක්‌ වගේම මෙය කියවන ඔබගේ කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌.

භික්‍ෂුව මොහොතක්‌ දෑස්‌ පියාගෙන අතීතය මෙනෙහි කරනකොට, භික්‍ෂුවට මැවිලා පෙනෙනවා, පටිච්ඡසමුප්පන්නව සංස්‌කාර පච්චයා විඤ්ඤාණ හේතුවෙන් සකස්‌වුණ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක්‌ වයසැති මහත් සේ මුහුකුරා ගිය ගොරහැඩි මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ සතර අපාසත්වයෙක්‌ගේ එකතුවක්‌. සම්මුති ලෝකය තුළ බැසගෙන මේ සටහන තබන මොහොත වන විට භික්‍ෂුවගේ වයස අවුරුදු 54 ක්‌ වුණාට, සංසාරයේ අවිද්‍යාව නිසා සකස්‌වුණු හේතුඵල ධර්මයන්ට, අවුරුදු කෝටි ගණනක අතීතයක්‌ තිබෙනවා. ඉහත ගොරහැඬි වයසක ලෝකයේ, ඔබව තරුණ කරලා, නැවුම් කරලා දෙන්නේ සංස්‌කාර සහ සංස්‌කාරයන් හේතුවෙන් සකස්‌වෙන විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයයි.

පිංවත් ඔබ ඉහත කරුණු ආත්ම සංඥාවෙන් ගන්න එපා. ‘පටිච්ඡසමුප්පන්න’ කියන වචනය භික්‍ෂුව නිතර යොදන්නේ පිංවත් ඔබ එම අනතුරින් වලක්‌වාගන්නයි.

චිත්තානුපස්‌සනාව – 24

විඤ්ඤාණයේ අනාගතයට සංස්‌කාර
අස්‌වද්දාගන්නා රඟ දකින්න

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.

පිංවත් ඔබ වර්තමානයේ සිටම ‘මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ’ කියලා මතකයට එනකොටම, ‘සංස්‌කාරයෝ අනිත්‍යයි ‘ කියලා දකිමින් පුහුණු වෙන්න. ඔබට මේ සටහන් තබන භික්‍ෂුව සිහිපත් වුණොත්, ඒ මොහොතේම, භික්‍ෂුවගේ රූපය මළ කඳක්‌ කොට දකින්න. ඒ මළකඳ මහපොළොවට පස්‌වෙනවා නුවණින් දකින්න. ඔබ දෙපා තබාගෙන සිටින මහ පොළොවේ පස, නුවණින් දකිමින් සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි… අනිත්‍යයි.. වශයෙන් නුවණින් මෙනෙහි කරන්න. අතීතයේ වැඩසිටි රහතන් වහන්සේලා, රහත් උත්තමාවියන් වහන්සේලා ලක්‍ෂ ගණනකගේ දේහයන් අනිත්‍යභාවයට පත්වී සකස්‌ වුණ පස නැමැති සතර මහා ධාතුව මතයි පිංවත් ඔබ මේ මොහොතේ දෙපා තබාගෙන සිටින්නේ. නික්‌ලේශී උතුමන්ගේ අතීත තෘෂ්aණාවෙන් හැදුන සතර මහා ධාතුව නමැති රූපය, සතරමහා ධාතුවටම එකතුකොට දීලා උන්වහන්සේලා නිවී යන්නේ, සංස්‌කාරයන්ගේ නිරෝධය නිසාමයි. රහතන් වහන්සේලා සර්පයෙක්‌ හැව අරින්නා සේ රූපය කෙරෙහි තෘෂ්ණාව අතහැර, රූපය සතරමහා ධාතුවටම මුසුකොට නිවී යද්දී අපි තවමත් රූපය මගේ කොටගෙන සංස්‌කාරයන් රැස්‌කොට ගන්නවා. පොහොසත් පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. දුප්පත් පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. හඬන පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. සිනහවෙන පිංවතාත්a සංස්‌කාර රැස්‌කරනවා. සිල්වත් පිංවතාත්, දුසිල්වත් පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. ලෝකය තේරුම්ගන්න බැරි අවුලක්‌ය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ ඉහත අවුල නිසාමයි. මේ සෑම අවුලක්‌ම තම අවබෝධඥානයෙන්, ‘සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි’ කියන එකම අර්ථයට අරගෙන පංචඋපාදානස්‌කන්ධය නිශේධකොට දමන්නේ ‘රහතන් වහන්සේ’ කියන අර්ථයයි.

සංස්‌කාරයන් ගැන මේ සටහන ලියන වෙලාවේ සංස්‌කාරයන්ගේ වියරු, කටුක යථා ස්‌වභාවය ලෝකයට තම උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධකොට දේශනාකොට වදාළ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ සම්බුදු අසිරියෙන් බබළන රූපකාය භික්‍ෂුවට මැවිලා පෙනෙනවා. බුදුරජාණන්වහන්සේ, පටිච්චසමුප්පන්නව පිරිනිවීගොස්‌, දැනට වසර දෙදහස්‌ හයසියයක්‌ ගතවී තිබුණත්, මෙය සටහන් තබන භික්‍ෂුව තවමත් බුදුරජාණන්වහන්සේගේ සිවුරුකොණ අල්ලාගෙන බුදුරජාණන්වහන්සේ පසුපසින් වඩින භික්‍ෂුවක්‌මයි. බුදුරජාණන්වහන්සේ ඈත්වුණේ නැහැ. ඈත්වෙලා නැහැ. බුදුරජාණන්වහන්සේගේ සිවුරුකොණ අල්ලාගෙන පසුපසින් වඩිනකොට දැනෙන සම්බුදු සිසිලස භික්‍ෂුවට තවමත් හැඟෙනවා. බුදුරජාණන්වහන්සේගේ ගුණයන්, ඥානයන්, මහා කරුණා ගුණයන් භික්‍ෂුවට තවමත් දැනෙනවා, පෙනෙනවා. අපි ධර්ම විනයෙන් ඈත්වෙන්න, ඈත්වෙන්න බුදුරජාණන්වහන්සේ අපෙන් ඈතට යනවා. ධර්ම විනයෙන් ඈත්වූ භික්‍ෂුවකට බුදුරජාණන්වහන්සේ පිරිනිවීගොස්‌ අවුරුදු දෙදහස්‌ පන්සියයක්‌ම වෙනවා. ධර්මවිනය තුළ අවංකවම ජීවත්වන භික්‍ෂුවට බුදුරජාණන්වහන්සේගේ උපත, බුද්ධත්වය, පිරිනිවීම කියන තෙමඟුල සමරන්න අවශ්‍ය නැහැ. මොකද උන්වහන්සේ තවමත් බුදුරජාණන්වහන්සේගේ සිවුරුකොණ අල්ලාගෙන බුදුරජාණන්වහන්සේගේ පසුපසින් වඩින බුද්ධ ශ්‍රාවකයෙක්‌මයි. නමුත් මේ සෑම සංස්‌කාරයක්‌ම මොහොතින් මොහොත අනිත්‍යභාවයට පත්වෙනවා.

පංචඋපාදනස්‌කන්ධ ධර්මයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සංස්‌කාර තුළත් විඥානය බැසගෙන තිබෙනවාය කියලා. දුප්පත් පිංවතෙක්‌ සිටිනවා, ඔහුට තිබෙන එකම දේපළ තමයි පොල් අතු සෙවිල්ලු කුඩා පැල්පත. සඳ තිබෙන රාත්‍රියක පොල්අතු අතරින් සඳඑළිය පෙනෙනවා. ඒ තරමටම දිරාගිය පැල්පතක්‌. නමුත් මේ දිරාගිය පැල්පත, මේ දුප්පත් පිංවතා, රාජ මන්දිරයක්‌ වගේ තෘෂ්ණාවෙන් මගේ කොටගෙනයි ජීවත්වෙන්නේ. අතීත අකුසල් සංස්‌කාර හේතුවෙන් ලැබුණු දුගී පැල්පත කියන අල්ලාගැනීම තුළ විඤ්ඤාණය බැසගෙන තිබෙනවා.

තවත් පිංවත් මහත්මයෙක්‌ සිටිනවා, ඔහු මහා ධනවතෙක්‌. ඔහුට සුඛෝපභෝගී මහා මන්දිරයක්‌ තිබෙනවා. ඔහු තමන්ට, පෙර කුසල් සංස්‌කාර නිසාම ලැබුණු මහා මන්දිරයේ තෘෂ්aණාවෙන් මගේ කොටගෙන ජීවත්වෙන්නේ. අතීත කුසල් සංස්‌කාර හේතුවෙන් ලැබුණ මහා මන්දිරය කියන අල්ලාගැනීම තුළ විඤ්ඤාණය බැසගෙන තිබෙනවා. සංස්‌කාර ධර්මයන් තුළ, විඤ්ඤාණය නමැති මැජික්‌කරුවා බැසගෙන සිටින නිසාම සත්ත්වයා සංස්‌කාර හේතුවෙන් සකස්‌වෙන වියරු කටුක යථා ස්‌වභාවය මතුකොට ගන්නේ නැහැ. සංස්‌කාර වෙනස්‌වෙනවාය කියන දැක්‌ම මතුකොටගන්නේ නැහැ. මොකද අතීත සංස්‌කාර හේතුවෙන් සකස්‌වන විඤ්ඤාණය වර්තමාන සංස්‌කාරයන් තුළ බැසගෙන විඤ්ඤාණයේම පැවැත්මට අදාළ සංස්‌කාරයන් නැවත නැවත පෝෂණය කොටගන්නවා. පටිච්ඡ සමුප්පාද ධර්මයේදී සංස්‌කාර හේතුවෙන් විඤ්ඤාණය සකස්‌වුණත්, පංචඋපාදනස්‌කන්ධ ධර්මයේදී සංස්‌කාරයන් තුළ විඤඤාණය බැසගෙන, විඤ්ඤාණයේ අනාගත පැවැත්මට අදාළ සංස්‌කාරයන් නැවත අස්‌වද්දාගන්නවා. විඤ්ඤාණය නමැති මැජික්‌කරුවාගේ සියුම් කපටි ක්‍රියාකාරකම් පිංවතුන්ලා බොහෝම සියුම්ව මතුකොට දක්‌වගන්න දක්‍ෂවෙන්න ඕනේ.

මගේ මළකඳ තුළිනුත් ඔබ දකින්නේ නම්….

පිංවත් ඔබ, දෑස්‌ පියාගෙන අතීතයේ නිතිපතා අකුසල් කඳු නිසා කල්ප විනාශයන්ට මැදිවී, ඔබත් මමත් පිච්චි, පිච්චී මියගිය තැන නුවනින් දකින්න. එදාට සත්ත්වයාගේ ආයුෂය වන්නේ එක සිතිවිල්ලක්‌ සකස්‌වෙන කාලයයි. සංස්‌කාරයන් පිංවත් ඔබට කරන මේ තියුණු විනාශය නුවනින් දකිමින් සංස්‌කාරයෝ අනිත්‍යයි, අනිත්‍යයි…. වශයෙන් මෙනෙහි කරන්න. සත්ත්වයාගේ අවිද්‍යාව නිසාම, අනිත්‍ය වූ සංස්‌කාර විසින් ලෝකය පාලනය කරනවා. සංස්‌කාර විසින් යම් දවසක අවීචි මහා නිරයට ඇද දමන සත්ත්වයාව, සංස්‌කාර විසින්ම යම් දවසක පසේ බුදුරජාණන්වහන්සේ නමක්‌ බවට පත්කරනවා (දේවදත්ත චරිතය උදාහරණයකට ගන්න) සංස්‌කාරයන්ගේ වියරුභාවය දකිමින් පිංවත් ඔබ නිවැරදි වෙන්න. ආදර්ශමත් වෙන්න.

ඔබට වැරදුනොත්, ඔබේ පූර්වාදර්ශයන් ඔස්‌සේ තව ගොඩාක්‌ දෙනා වරද්දවා ගන්නවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි පිංන්වතුන්ලා සතුටින් විනෝදයෙන් ජීවත්වෙනවා දකින්න මම අකමැති නැහැ. ඒත් මේ ලෝභ, ද්වේෂ, මෝහ සංස්‌කාරයන් විසින් සත්ත්වයා බලවත් වූ අනතුරුවලට ඇද දමනවා. එම නිසා පිංවත් ඔබ ජීවිතයේ සෑම ක්‍රියාවකදීම සිතුවිල්ලෙන් සිතිවිල්ලට, ක්‍රියාවෙන් ක්‍රියාවට සතිය පිහිටුවාගන්න. එළවළුවක්‌ මාළුවක්‌ ඖෂධයක්‌ තෝරාගැනීමේදී නීරෝගීභාවය පිළිබඳ සකස්‌වන ලෝභ සිතක්‌ ඇතිවුණොත්, ඒ මොහොතේම රෝගීභාවයත්, නීරෝගීභාවයත් අනිත්‍යක්‌ම බව සිතන්න. ඇඳුමක්‌ පැළඳුමක්‌ පරිහරණය කරනකොට, ගේදොර පරිහරණය කරනකොට, ශරීරය ලස්‌සන කරනකොට, රුපය ගැන ලෝභ සිතිවිල්ලක්‌ ඇතිවන මොහොතේදී, ලස්‌සනත් අවලස්‌සනත් අනිත්‍ය බව නුවනින් දකින්න. මේ ඔබ සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවයයි නුවනින් දකින්නේ.
පිංවත් ඔබ දක්‍ෂ නම්, සුපිරි වෙළඳසළකට ගිහිල්ල, ගමේ කඩේට ගිහිල්ල එළවළුවක්‌ මිලදී ගන්නකොටත් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය ජීවිතයට එකතුකොටගන්න පුළුවන්.

පිංවත් ඔබ කැමති දේ මිලදී ගන්න. කැමති දෙය ලස්‌සනට අඳින්න පළඳින්න. ඒවා කෙරෙහි නිත්‍යභාවයක්‌ දකින්න එපා. රූපයේ නීරෝගීභාවය, පිරිසිදුභාවය කෙරෙහි තෘෂ්ණාව ඇතිකොට ගන්න එපා. පිංවත් ඔබ දානමය, ශීලමය, ධර්ම දේශනාමය, පිංකමක්‌ සිදුකිරීමේදී ද දක්‍ෂවෙන්න, ඔබ රැස්‌කොටගත් සංස්‌කාරයන් ගැන සතුටුවෙනවා වගේම, එම සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. භික්‍ෂුවට මේ මොහොතේ යම් පිංවතෙක්‌ පිරිකරක්‌ පූජා කළොත්, මේ මොහොතේම එය සිතෙන් අයින්කරනවා. සංඝයා උදෙසා පූජා කරන දෙය සංඝයාට අයිති දෙයක්‌ බව දැකලා, භික්‍ෂුව එසේ කරන්නේ අකුසලයෙන් බැහැරවී කුසලයේ පරිපූර්ණ වීමට නොවේ. මේ වියරු සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය පිළිබඳව පිංවත් ඔබට ආදර්ශයක්‌ දෙන්නයි. පිංවතුන්ලා ශ්‍රද්ධාවෙන් පිරිකර පූජාකොට සුගතියට යද්දී, පිරිකර හිමිකරගත් පිංවතුන් දුගතියට ගිය අවස්‌ථා ගොඩාක්‌ තිබෙනවා. පිංවත් ඔබ සංස්‌කාරයන් කෙරෙහි වැට බැඳීමට නම්, රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම්කොට ගන්නට වෙනවා.

ගිහි ජීවිතයේදී භික්‍ෂුව පංච උපාධානස්‌කන්ධය අනිත්‍යයි කියන වචනයවත් එතරම් අහලා තිබුණේ නැහැ. නමුත් එහි අර්ථය එදා ජීවිතය තුළ තිබුණ බව භික්‍ෂුව වර්තමානයේ දන්නවා. ගිහි ජීවිතයේදී මට ලැබුණු අවස්‌ථා හුඟාක්‌, අනුන්ගේ සතුට උදෙසා මම අහිමිකොටගෙන තිබෙනවා. වර්තමානයේ ඒ ක්‍රියාවන් දෙස අතීතාවර්ජනයක යෙදෙන විට, එදා මා තුළ රූපයේ අනිත්‍යභාවය සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය පිළිබඳ දැනීම අතීත පුහුණුවක්‌ නිසාම සැඟවී තිබුණ බව හොඳටම ප්‍රකට වෙනනවා. මේවා ගැන කොපමණ සටහන් තැබුවත්, මේ තබන සටහන්ද අතීත සංස්‌කාරයන්ගේ ඵලයක්‌මයි. මේ සටහන් කියවීම තුළින් ඔබ

රැස්‌කොටගන්නා වූ සංස්‌කාරයනුත් අනිත්‍යභාවයට පත්වෙන සංස්‌කාරයන්මයි.

මේ සටහන් ලිවීමට හේතුවූ අතීත කුසල් සංස්‌කාරයන් ද, යම් මොහොතක අනිත්‍යවෙලා යනවා. එදාට පිංවත් ඔබ මෙම සටහන් තැබූ භික්‍ෂුවගේ මළකඳ ළඟට ඇවිල්ලා සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි කියලා, භික්‍ෂුවගේ මළකඳ තුළිනුත් ධර්මය දකින්න දක්‍ෂනම් මේ ලිපිපෙළ පරිශීලනය කිරීම තුළිනුත් ඔබ රැස්‌කළාවූ සංස්‌කාරයන් සැබෑ ලෙස ඔබේ අවබෝධඥානය තුළ තැන්පත්කොට ගත්තා වෙනවා. එසේ නොවී ඔබ භික්‍ෂුවගේ මළකඳ දැකලා කනගාටු වුවහොත්, වැළපුණහොත් ඔබ මළකඳක්‌ තුළින් මළකඳක්‌ම, අධර්මයක්‌ම දැක්‌ක අවාසනාවතයෙක්‌ම වෙනවා.

චිත්තානුපස්‌සනාව – 22

අවිද්‍යාවේ අකුසල් නිධිය විපාක දෙන්නේ මෙසේය

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.
අවිද්‍යා නිරෝධෝ සංස්‌කාර නිරෝධෝ… සංස්‌කාර නිරෝධයෙන් භවයෙන් නිවීගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා, මහ රහතුන් වහන්සේලා ආදී උතුමන්, ගිනි ගොඩක දර අහවර වීමෙන් ගිනිගොඩ යම්සේ නිවී යන්නේද, සංස්‌කාර නිරෝධයෙන් එම උතුමන්ගේ විඤ්ඤාණය තමා තුළින්ම නිවීගිය හැටි නුවණින් දකිමින්, සංස්‌කාර නිරෝධය කෙරෙහි ඡන්දය ඇතිකරගන්න. අකුසල් සංස්‌කාරයන්ගෙන් මිදී කුසල් සංස්‌කාරයන් රැස්‌ කරගනිමින්, කුසල් අකුසල් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න. විවේකීව සිටින සෑම මොහොතකම අතීතයේ කුසල් සංස්‌කාර නිසා වින්දා වූ සැපයන් අතීතයේ අකුසල් සංස්‌කාරයන් නිසා වින්දා වූ දුක්‌ නුවණින් දකිමින් සංස්‌කාරයන් අනිත්‍යයෑයි අනිත්‍යයයි… වශයෙන් මෙනෙහි කරමින්, අනිත්‍ය වන සංස්‌කාරයන් කෙරෙහි කලකිරීම ඇතිකරගන්න. මනුෂ්‍යයාගේ අකුසල් සංස්‌කාරයන්ගේ බලවත්භාවය නිසාම අනාගතයේ උදාවෙන, අති දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන් නුවණින් දකිමින්, සංස්‌කාරයෝ අනිත්‍ය වශයෙන් දකිමින් ජීවත් වෙන්න. අතීතයේ ඔබ සක්‌විති රජකෙනෙක්‌ව ඉපදුණු වෙලාවේ ඔබේ ඒ රාජතේජසින් යුත් රූපයත්, මළකඳක්‌ වු හැටි නුවණින් දකිමින් සංස්‌කාරයෝ අනිත්‍යයි… අනිත්‍යයි… වශයෙන් මෙනෙහි කරන්න.
පිංවත් ඔබ එදිනෙදා සිදුකරන සෑම ක්‍රියාවකදීම අනාගතයේ විපාක දීමට සංස්‌කාරයන් රැස්‌කර ගනිමිනුයි සිටින්නේ. ඔබ වම්බටු තෝරාගන්නේ නැහැ. තලන බටුයි තෝරාගන්නේ. මෙතනදී මගේ නිරෝගී භාවය කියන ලෝභ සිත ඇතිවුණා. ඔබ රූපලාවන්‍යයට කැමති පිංවතෙක්‌නම් ඔබ බතල තෝරාගන්නේ නැහැ, කැරට්‌ තමයි තෝරාගන්නේ. මෙතනදී රූපයේ නිත්‍යභාවය පිළිබඳව ලෝභ සිතක්‌ ඇතිවුණා. ඔබ මාළු ගන්න මාළු කඩයට යනවා. මාළු කඩේ කෙලවල්ලා මාළු, තලපත් මාළු තිබෙනවා. ඔබට එකපාරටම සිතක්‌ ඇතිවෙනවා කෙලවල්ලා උෂ්ණයි කියලා. ඔබ තලපත් මාළු මිලදී ගන්නවා. මෙතනදී ඔබේ රූපයේ නිරෝගීභාවය පිළිබඳව ලෝභ සිතක්‌ ඇතිවුණා. ඔබ රැවුල කපනවා කණ්‌ණාඩියෙන් නැවත නැවත බලමින්. රූපයේ ලස්‌සන පිළිබඳව ලෝභ සිතක්‌ ඔබ තුල ඇතිවුණා. ඔබ පුටුවක වාඩිවෙලා බොහෝම විවේකීව කකුල් දෙක සොලව සොලවා සිටිනවා. ඔබ රූපය ඇසුරු කරගෙන සැප වේදනාවක්‌ ගැන ලෝභ සිතක්‌ සකස්‌කර ගන්නවා. ඔබ උදේම රාජකාරියට යැමට ඇඳුමක්‌ අඳිනවා කියල සිතන්න. මොනතරම් රූපය කෙරෙහි ලෝභ සිත් ඇතිවෙනවාද. ඔබ ගෙදර අතුපතුගාල පිරිසිදු කරනකොට, ඇ»ම් සෝදන, මදිනකොට… මේ සෑම ක්‍රියාවකදීම රූපය කෙරෙහි ලෝභ සිත් ඇතිවෙනවා.

පිංවත් ඔබ කල්පනාකොට බලන්න, එදිනෙදා ජීවිතයේ සෑම ක්‍රියාවකදීම මොනතරම් අකුසල් කන්දරාවක්‌ ඔබ ඇතිකරගන්නවාද කියලා. අකුසල් ධර්මයන්ගේ මුල්ම කාරණය තමයි ලෝභ සිත. තෘෂ්ණාව ලෝභ සිතට බාධා ඇතිවෙනකොට ද්වේශය සකස්‌ වෙනවා. ලෝභයත් ද්වේශයත් සකස්‌ කර ගන්නේ මෝහය නිසාමයි. මේ සකස්‌වෙන සෑම ලෝභ සිතුවිල්ලක්‌ම අනාගත ලෝකය අස්‌වද්දන සංස්‌කාර බවට පත්වෙනවා. පිංවත් ඔබ නිරතුරුව සකස්‌වෙන සංස්‌කාරයන් ගැන තියුණු අවධානයකින් සිටින්න. කඩයට ගිහිල්ල එළවළුවක්‌ ගන්නවිට අනාගතයේ විපාකයට සංස්‌කාරයන් රැස්‌වෙනවානම් නිරතුරුවම ඔබ අනතුරක්‌ තුළයි ජීවත්වෙන්නේ. පිංවත් ඔබට ප්‍රශ්නයක්‌ මතුවෙන්න පුළුවන්, සත්වයා අයෝනිසෝ මනසිකාරයෙන් කරන සෑම ක්‍රියාවකදීම අකුසල් රැස්‌කර ගන්නවානම් මෙතරම් අකුසල් අනාගතයේ විපාක දෙන්නේ කොහොමද කියලා. ලෝභ සිත වැඩිවෙන්න වැඩිවෙන්න, මමත්වයේ දැඩිභාවය වැඩිවෙනවා. මමත්වයේ දැඩිභාවය වැඩිවෙනවිට ද්වේශය දැඩිවෙනවා. පංච උපාදානස්‌කන්ධය කෙරෙහි සක්‌කාය දිට්‌ඨිය නිසාම තව තව ද්වේශය වැඩිවෙනවා. මේ අකුසල් විපාකයට පැමිණෙන නිසාමයි, සත්වයා සතර අපායන්ට වැටුණාම ඒවායේ කල්ප ගණන් ප්‍රමාද භාවයට පත්වෙන්නේ. ධර්මය කෙරෙහි ඇති නොදැනුවත්භාවය නිසාම සත්වයා සෑම සිතුවිල්ලක්‌ තුළින්ම රැස්‌කරගන්නා අකුසල මූලයන්, පටිච්ඡසමුප්පන්නව කල්ප ගණන් එකතුවී, කල්ප විනාශයන් සිදුවන අවස්‌ථාවේදී එක ඉරක, ඉරවල් දෙකක, ඉරවල් හතක උෂ්ණත්වයෙන් ගිනියම් වූ ලෝකය තුළ සියලු සත්වයෝම යක්‌ෂයින්, ප්‍රේතයින්, භූත සත්වයින් කෘමීන් හැටියට පරිසර උෂ්ණත්වයෙන් මැරි මැරී උපදිනවා. මේ ලෙස ගිනිගනිමින් මැරෙනවා. නැවත උපදිනවා. එදාට සත්වයාගේ ඉපදීමත් මියයැමත් අතර පරතරය එක සිතුවිල්ලක කාලයට සමාන වෙනවා.

සත්වයාගේ අකුසල් සංස්‌කාරයන්ගේ තීව්‍රභාවයට අදාළව විඤ්ඤාණයේ ක්‍රියාකාරිත්වයද වේගවත් වෙනවා. පිංවත් ඔබ වර්තමානයේ නොදැනුවත්භාවය නිසා සෑම සිතුවිල්ලකදීම අකුසල් සිදුකරගන්නවා වගේම කල්ප විනාශකයදී පරිසර උෂ්ණත්වයේ රුදුරු භාවය නිසාම, ගිනියම් භාවය නිසාම පිච්චීමේ වියරුවෙන් මැරෙනවා. ඒ ක්‍ෂණයේදීම උපදිනවා. එක සිතුවිල්ලක්‌ සකස්‌ වෙද්දීම නැවත පිච්චී මැරෙනවා. නැවත උපදිනවා. වර්තමානයේ මනුෂ්‍යයකුගේ ආයුෂ අවුරුදු අසූඅටක්‌ පමණ වෙනවා. නමුත් කල්ප විනාශයකදී සත්වයාගේ ආයුෂය තප්පරයක්‌ වගේ කෙටි කාලයක්‌. මේ මොහොතේ ඔබ සෑම තප්පරයකදීම ලෝභ, ද්වේශ, මෝහ සිත් ඇතිකරගන්නවා වගේම ඒවාට විපාක වශයෙන් සෑම තප්පරයකදීම ඔබ ඉපදෙමින් මියයනවා. නිරිසත්වයා නිරයට වැටුණු අවස්‌ථාවන්හිදී ඉහත ක්‍රියාවලියට සමාන සිදුවීම් සිද්ධ වෙනවා.

චිත්තානුපස්‌සනාව – 21

සංස්‌කාරයෝ අනිත්‍යයි, කටුකයි, බියකරුයි, රුදුරුයි
පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.


අතීත සංස්‌කාරයන් විපාකදී අවසන්වන වර්තමානයේදී, පිංවත් ඔබ අනාගතයට, අනිත්‍යවූ සංස්‌කාරයන් රැස්‌කොටගන්නවා. අතීත සංස්‌කාරයන් වර්තමානයේද විපාක දෙනකොට, අනාගතයට සංස්‌කාරයන් එකතුකොට ගන්නවා. රූපය කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන්, හඳුනාගැනීම්, හොඳින් උපකාර කරනවා, අනාගත ලෝකය තීන්දුකරන සංස්‌කාරයන් රැස්‌කොටදෙන්නට. වර්තමානයේ ඔබේ ඇසට, කනට, නාසයට. ඵස්‌සය වන සෑම රූපයක්‌ම අතීත සංස්‌කාරක ඵලයක්‌මයි. සුගතිය, දුගතිය, මහේශාක්‍යභාවය, අල්පේශාක්‍යභාවය, උගත්භාවය, නූගත්භාවය, ආයුෂ, වර්ණය, සැපය, බලය…. සමාජයේ පවතින මේ හැම ධර්මතාවයක්‌ම විවිධත්වයක්‌ම, අනිත්‍යවන සංස්‌කාරයන්ගේ ඵලයක්‌මයි. වර්තමානයේ මනුෂ්‍යයා අත්විඳි සෑම සැප වේදනාවක්‌ම, දුක්‌වේදනාවක්‌ම, අතීත සංස්‌කාරයන්ගේ ඵලයක්‌මයි. පිංවත් ඔබ වර්තමාන සමාජයේ දකින මේ විවිධත්වය, සංස්‌කාරයන්ගේම අනිත්‍යභාවය වශයෙන් දකිමින්, සංස්‌කාරයෝ අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි වශයෙන් මෙනෙහි කරන්න.

පිංවත් ඔබ අතීතයේ ඔබ රැස්‌කොටගත්තාවූ, විපාකදුන්නාවූ, සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය නුවනින් දකිමින්, ඔබට පිංවන්ත අම්මා කෙනෙකු, තාත්තා කෙනෙකු ලැබුණේ, ඔබට හොඳ අධ්‍යාපනයක්‌, රැකියාවක්‌, ව්‍යාපාරයක්‌, බිරිඳ, දරුවන්, සමාජ තත්ත්වයක්‌ ලැබුණේ අතීත කුසල් සංස්‌කාරයන් නිසාමයි. ඒ සංස්‌කාර අනිත්‍යවෙලා යනවා.

මෙය සටහන් තබන භික්‍ෂුවගේ අතීත කුසල් සංස්‌කාරයන් නිසාම ලැබුණු අම්මා, තාත්තා අද ලෝකයේ නැහැ. වෙනස්‌ව ගියා, අනිත්‍යවී ගියා. භික්‍ෂුවට අතීත කුසල් සංස්‌කාර නිසාම ලැබුණු ගිහි ජීවිතය වෙනස්‌වී ගියා. මේ පැවිදි ජීවිතයත් කවදාහරි සංස්‌කාරයන්ට අදාළව අනිත්‍යවී යනවා. ඔබ අතීතයේ අම්මා, තාත්තාට කීකරුව ජීවත්වෙලා, වැඩිහිටියන්ට ගරුකරලා, මව්පිය උපස්‌ථානය කරලා, පන්සල් ගිහිල්ලා, පිංකම් කරලා, දඹදිව වන්දනාවේ ගිහිල්ලා, දන්දීලා, සිල්සමාදන් වෙලා, යම් කුසල සංස්‌කාරයන් අතීතයේ රැස්‌කොටගත්තා නම් එම සෑම කුසල් සංස්‌කාරයක්‌ම අනාගතයේ විපාකදී අනිත්‍යවෙලා යනවා. පිංවත් ඔබ අතීතයේ සිදුකළාවූ සෑම අකුසල් ක්‍රියාවක්‌ තුළින්ම රැස්‌වූ අකුසල් සංස්‌කාරයන්ද අනාගතයේ විපාක සකස්‌කොටදීලා අනිත්‍යවී යනවා.

පිංවත් ඔබ දෑස්‌ පියාගෙන, අතීතය පුරාවට ඔබ සිදුකළ සැම කුසල්, අකුසල් සංස්‌කාරයක්‌ම සිහිපත්කොට සංස්‌කාරයෝ අනිත්‍යය, අනිත්‍යය… වශයෙන් නුවනින් මෙනෙහි කරගන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයන් කියන්නේ, අතීත පාරමී භවගමනේ කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌මයි. ඒ කුසල් සංස්‌කාරයන් අනිත්‍යයට ගියා. සීවලී මහරහතන්වහන්සේ ප්‍රත්‍යලාභීන් අතර අගතැන ලැබුවේ අතීත කුසල් සංස්‌කාරයයන්ගේ ඵලයන් නිසා. යශෝදරාව, රාහුල, සිදුහත්කුමරුන්ගේ බිසව, පුතනුවන් වුණේ අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයන් නිසා. නමුත් මේ සෑම කුසල් සංස්‌කාරයක්‌ ම අනිත්‍යවී ගියා. අතීතයේ පිංවත් ඔබ සක්‌විති රජකෙනෙක්‌ වුණේ, දිව්‍යතලවලට අධිපති ශක්‍ර දෙවියන් වුණේ, කුසල් සංස්‌කාරයන් නිසා. මේ සෑම අතීත කුසල සංස්‌කාරයක්‌ම අනිත්‍ය වී ගියා. අතීතයේ ඔබට බුදුරජාණන්වහන්සේ මුණගැසුණේ, සෘෂිවරුන් හැටියට එර්ධියෙන් ගමන් කරන්නට හැකියාව ලැබුණේ, සශ්‍රික දිව්‍යතලවල, බ්‍රහ්මතලවල ඔබ උපත ලැබුවේ ඔබේ කුසල් සංස්‌කාරයන් නිසා. මේ සෑම කුසල් සංස්‌කාරයක්‌ම අනිත්‍යවී ගියා. අතීතයේ ඔබ සතර අපායන්ට වැටුණේ, සෙම්, සොටු, පුන්නක්‌කු, තණකොළ කෑවේ. ගින්දර, ලෝදිය බිව්වේ, අකුසල් සංස්‌කාරයන් නිසා. මේ සෑම සංස්‌කාරයක්‌ම අනිත්‍යවී ගියා. පිංවත් ඔබ පටිච්ඡසමුප්පන්නව පැමිණි භව ගමනේදී ඔබ අත්විඳි සෑම සැපවේදනාවක්‌ම, සෑම දුක්‌වේදනාවක්‌ම අතීත කුසල් අකුසල් සංස්‌කාරයකම ඵලයක්‌. සෑම සැප දුක්‌ සංස්‌කාරයක්‌ම අනිත්‍ය වුණා.

දැන් පිංවත් ඔබට වැටහෙනවා, සෑම අතීත වර්තමාන, සංස්‌කාරයක්‌ම අනිත්‍යභාවයට පත්වෙනවාය කියලා. අතීත සංස්‌කාරත්, වර්තමාන සංස්‌කාරත්, විපාකදී අවසන් වෙනවානම්, ඔබ අනාගතයේදී මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගීකොටගෙන, රැස්‌කිරීමට බලාපොරොත්තුවන කුසල් සංස්‌කාරයන් නිත්‍ය වෙයිද, අනිත්‍ය වෙයිද? පිංවත් ඔබ ‘මම අනාගතයේ මේ විදිහේ පිංකම් කරනවා. මේ විදිහට දන්දෙනවා, ශීල ව්‍යාපාර පවත්වනවා, ධර්මදාන පිංකම් කරනවා, අටමහා කුසල් කරනවා, මේ විදිහට පන්සල්, ආරණ්‍ය හදනවා කියලා යම් කුසල් ධර්මයන් කෙරෙහි අනාගත බලාපොරොත්තු තිබේනම්, එම කුසල් සංස්‌කාරයන්, අනිත්‍යභාවයට පත්වන කුසල් සංස්‌කාරයන්මයි. මම අනාගතයේ කුසල් දහම් වඩමින්, දෙවියන්, බ්‍රහ්මයන් වෙනවා යෑයි බලාපොරොත්තුවක්‌ ඔබට තිබේනම්, එම දිව්‍ය බ්‍රහ්ම, ජීවිතත් අනිත්‍යවී යන කුසල් සංස්‌කාරයන්මයි.

ආනන්තරීය පාපකර්මය සිදුකොට ගැනීම නිසාම අවිචී මහා නිරයේ දුක්‌විඳින දේවදත්ත නිරිසතා, අනාගතයේ යම් දවසක පසේබුදුරජාණන්වහන්සේ නමක්‌ව පිරිනිවන්පාන්නේ ද සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය නිසාමයි. අනාගතයේ බුද්ධෝත්පාද කාලයක්‌, අබුද්ධෝත්පාද කාලයක්‌ පහලවන්නේ, සත්ත්වයා කල්ප විනාශයන්ට මැදිවී, ඉරවල් හතක උෂ්ණත්වයෙන් අවුරුදු දස දහස්‌ ගණන් පිච්චි පිච්චී මැරෙමින් ඉපදෙන්නේ සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය නිසාමයි. පිංවත් ඔබේ ඇලීම්, ගැටීම් හේතුවෙන් සකස්‌වන හඳුනාගැනීම්, අනිත්‍යභාවයට පත්වන වේගයෙන්ම සංස්‌කාරයන් රැස්‌වීම වේගවත් වෙනවා.

වෙනස්‌වන, විකෘතිවන අනිත්‍යවන සංස්‌කාරයෝ දුකටමයි හේතුවන්නේ කියලා නුවනින් දකිමින් ජීවත්වෙන්න. මනුෂ්‍යයා වැඩිපුරම කරන්නේ අකුසල්. විපාක නොදී, විපාක දීමට අවස්‌ථාවක්‌ නොලැබී, සත්ත්වයාගේ එකතුවන අකුසල් කල්ප විනාශයන්හිදී, කිසිදු භේදයකින් තොරව, සත්ත්වයා පුච්ච පුච්චා විපාක දෙනවා. සංස්‌කාරයෝ අනිත්‍යයි, කටුකයි, බියකරුයි, රුදුරුයි.

සිතිවිල්ල සංස්‌කාරයකට උපත දෙන බව සිතුවාද?

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.

පංච උපාදානස්‌කන්ධ ක්‍රියාවලියට අදාළව පිංවත් ඔබ ඇසෙන් රූපයක්‌ දකිනවා, කනෙන් ශබ්දයක්‌ අසනවා, දිවගට රසයක්‌ දැනෙනවා, දැක්‌ක දෙයට, ඇසුණු දෙයට, දැනුණු දෙයට ඔබ ඇලෙනවා ගැටෙනවා උපේක්‍ෂා සහගත වෙනවා. ඇලුණු ගැටුණු උපේක්‍ෂා සහගත වු දෙය ඔබ හඳුනාගන්නවා. හඳුනාගන්නා වූ දෙය ගැන ඔබ සිතනවා. සිතනවා කියල කියන්නේ සංස්‌කාර සකස්‌ වෙනවා. සංඥාව හේතුවෙන් සංස්‌කාර සකස්‌ වෙනවා. ‘සංඥා නිරෝධා සංස්‌කාර නිරෝධා සංඥාව නිසා සකස්‌ වෙන ඵලයයි , සංස්‌කාර කියලා පංච උපාදානස්‌කන්ධ ධර්මයේදී අර්ථවත් වෙන්නේ. සත්වයා දෙයාකාරයක සංස්‌කාරයන් නිරතුරුවම රැස්‌කරනවා. ඒවා කුසල් සහ අකුසල් සංස්‌කාරයි.

දැන් පිංවත් ඔබ මේ ක්‍රියාවලිය හොඳින් නුවණින් දකින්න. ඔබ ඇසෙන් රූපයක්‌ දකිනවා. කනෙන් ශබ්දයක්‌ අසනවා. දැක්‌ක දෙයට ඇසුණු දෙයට ඔබ ඇලෙනවා ගැටෙනවා උපේක්‍ෂා සහගත වෙනවා. ඇලුණු, ගැටුණු, උපේක්‍ෂා සහගත වෙච්ච දෙය ඔබ හඳුනාගන්නවා. හඳුනා ගත්තා වූ දෙය ගැන ඔබ සිතනවා. ඔබ සිතනකොට කුමක්‌ද වෙන්නේ. කුසල් අකුසල් සංස්‌කාරයන් රැස්‌වෙනවා. පිංවත් ඔබ සිතන සිතුවිල්ලක්‌ පාසා කුසල් හෝ අකුසල් සංස්‌කාරයන්
රැස්‌කරගන්නවා. ඒ කියන්නේ ඔබ සිතන සෑම සිතුවිල්ලක්‌ පාසාම අනාගතයේ සුගතියට හෝ දුගතියට අදාළ සංස්‌කාරයන් රැස්‌කර ගන්නවා.

පිංවත් ඔබ ඇසෙන් රූපයක්‌ දැකලා එම රූපයට ඇලෙනවා. එම රූපය හඳුනාගන්නවා. දැන් ඔබ හඳුනාගත් රූපය ගැන සිතනවා. තරුණයි, ලස්‌සනයි…. අන්න දැක්‌කා වූ රූපය නිසා ලෝභ සිතක්‌ අකුසල් සංස්‌කාරයක්‌ ඇතිවුණා. ඔබ තවත් රූපයක්‌ දකිනවා. දැක්‌ක රූපය ගැන සිතනවා. ‘එයා මාත් සමඟ සිනාසුණේ නැහැ, හරි ආඩම්බරයි. මමත් එයාව ගණන් ගත්තේ නැහැ’. අන්න දැක්‌කා වූ රූපය නිසා ද්වේශ සිතක්‌ අකුසල් සංස්‌කාරයක්‌ ඇතිවුණා. ඔබ තවත් රූපයක්‌ දකිනවා. දැක්‌කා වූ රූපය ගැන සිතනවා. එයාට මම උපකාරකයක්‌ කරනවා. එයාට යහපතක්‌ම වේවා. අන්න දැක්‌කා වූ රූපය නිසා අලෝභ, අද්වේශ සිතක්‌ කුසල් සංස්‌කාරයන් ඇතිවුණා. ඉහත ආකාරය ඔබ නුවණින් දකින්න. ඔබ සිතන සෑම සිතුවිල්ලක්‌ පාසාම අනාගතයේ විපාකයට අදාළව කුසල් හෝ අකුසලA සංස්‌කාරයන් රැස්‌කර දෙනවා. හඳුනා ගැනීම නිත්‍ය වශයෙන් ගන්නා මොහොතක්‌ පාසා ඔබ හඳුනාගන්නා වූ දෙය ගැන සිතනවා. සිතන මොහොතක්‌ පාසා විතර්ක ඇතිවෙනවා. විතර්ක ඇතිවෙන මොහොතක්‌ පාසා සංස්‌කාර සකස්‌ වෙනවා.

භික්‍ෂුව වැඩ සිටින කුටියට පැමිණි තරුණ ස්‌වාමීන් වහන්සේ නමක්‌ බොහෝම කණස්‌සල්ලෙන් තමන්ගේ ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කළා. ස්‌වාමීන් වහන්ස මම මේ දවස්‌වල වැඩසිටින කුටියේ සිට පිණ්‌ඩපාත වඩින්නට තිබෙන්නේ නිතරම වාහන, ජනතාව ගැවසෙන පාරකින්. එම නිසා වාහන, ජනතාව දකින විට මගේ සිත නිරතුරුවම විසිරෙනවා. මේ විසිරෙන සිත මට හරිම පළිබෝධකයක්‌. මේ ප්‍රශ්නයට විසඳුමක්‌ කියන්න කියලයි එම ස්‌වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ.

භික්‍ෂුව උන්වහන්සේට මතක්‌ කළේ ‘ඔබ වහන්සේ කුටියෙන් එළියට වඩින විට බිම බලාගෙන සියලු සත්වයෝ සුවපත් වේවා කියන සංඥාවෙන් වඩින්න. කුමන හෝ සිතුවිල්ලක්‌ පහළ වුණොත් එම සිතුවිල්ල ගැන සිතන්න යන්න එපා. මෛත්‍රී සංඥාව සිතට ගන්න. ‘මෙන්න මනුෂ්‍යයෙක්‌. මෙන්න වාහනයක්‌’ කියල හඳුනාගන්න මොහොතේම ඒ හඳුනා ගැනීම ගැන සිතන්න එපා. මෛත්‍රී සංඥාව නැතිනම් අනිත්‍ය සංඥාව සිතට ගන්න. ඔබ හඳුනාගත්තා වූ දෙය ගැන සිතන්න ගියොත් සිත විසිරෙනවා. ඒ කියන්නේ ගැටෙන සිතුවිලි නිසා අකුසලයන්ට අදාළ සංස්‌කාර රැස්‌වෙනවා. හැකිතාක්‌ සිතීම අඩුකරන්න. සිතීම අඩුකරන ප්‍රමාණයට සංස්‌කාර රැස්‌වෙන ප්‍රමාණය අඩුවෙනවා. යමක්‌ දැක්‌කාද ‘දැක්‌කා’ය කියන තැන නවතිනවා. එවිට හඳුනා ගැනීමත්, සංස්‌කාරත් ප්‍රශ්නයක්‌ වෙන්නේ නැහැ.

දැන් ඒ තරුණ ස්‌වාමීන් වහන්සේ තමන් වඩින පාරේ වාහන තිබුණාද ජනතාව ගැවසුණාද ඒවා ගැන සිතන්න යන්නේ නැහැ. ඒ නිසාම විතර්ක සකස්‌ වෙන්නේ නැහැ. මෛත්‍රී සංඥාවෙන්ම තම පිණ්‌ඩපාත චාරිකාව අවසන් කර කුටියට වඩිනවා. පිංවත් ඔබ ඔබේ ජීවිතයේ ආපස්‌සට සිත යොමුකරල බලන්න අපි ජීවිතයේ වැඩියෙන්ම කරන්නෙ මොකක්‌ද? දැක්‌කා වූ, ඇසුණා වූ, දැනුණා වූ දෙයට ඇලිල ගැටිල ඇලුණු ගැටුණු දෙය හඳුනාගෙන හඳුනාගත්ත දෙය ගැන සිතනවා. මේ සිතීමේ පුරුද්ද නිසා මොනතරම් සංස්‌කාරයන් අපි සකස්‌ කර ගන්නවාද?

චිත්තානුපස්‌සනාව – 19

ඊයේ අද මෙන් හෙටටත් හඳුනගන්නේ මායාවක්‌

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.

පිංවත් ඔබ පෙර භවයන්හි හඳුනාගැනීම් වලට සිත යොමුකරන්න. අතීත භවගමනේදී පිංවත් ඔබ පටිච්චසමුප්පන්නව ඇසෙන්, කනෙන්, නාසයෙන්,දිවෙන්, ශරීරයෙන්,මනසින් මොනතරම් හඳුනාගැනීම් ඇතිකර ගන්නට ඇතිද? මේ බුදුරජාණන් වහන්සේ නමක්‌, මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක්‌, මේ රහතන් වහන්සේ නමක්‌, මේ රහත් භික්‍ෂුණීන් වහන්සේ නමක්‌ යෑයි හඳුනාගත් අතීත සංඥාවන් සියල්ලක්‌ම වෙනස්‌වී ගියා. මේ සක්‌විති රජකෙනෙක්‌, මේ තුසිතය, මේ යාමය, මේ ශිල්වතෙක්‌, මේ දුශිල්වතෙක්‌, මේ ප්‍රේතයෙක්‌, තිරිසනෙක්‌, අසුරයෙක්‌, යමපල්ලෙක්‌ යෑයි ඔබ අතීත භවයන්හිදී ඇතිකරගත් සෑම සංඥාවක්‌ම අනිත්‍යවී ගියා. අතීතයේ ඔබ අම්මා, තාත්තා, ආච්චී, සීයා වශයෙන් හඳුනාගත් ලක්‍ෂ ගණනක්‌ ඥාතීන් මියගිය පසු කුමන හඳුනාගැනීමකින් හඳුන්වන්නද? අතීත සංඥාවන්, වර්තමාන සංඥාවන්, හඳුනාගැනීම් අනිත්‍ය බව පිංවත් ඔබට දැන් වැටහෙනවා. අතීත වර්තමාන හඳුනාගැනීම් අනිත්‍යනම්, ඔබ අනාගතයේදී යම් සංඥාවක්‌ හඳුනාගැනීමක්‌ කිරීමට බලාපොරොත්තුව සිටිනවා නම් එම හඳුනාගැනීම නිත්‍යවෙයිද? අනිත්‍ය වෙයිද?

පිංවත් ඔබ මොහොතක්‌ දෑස්‌ පියාගෙන තමා තුළින් දකින්න, ඔබ මොනතරම් හඳුනාගැනීම් අනාගතය තුළ ඇතිකොටගෙන තිබෙනවාද. අධ්‍යාපනය, රැකියාව, විවාහය, දරුවන්, මුණුපුරන්, රට ජාතිය ආගම, සුගතිය, දුගතිය, අධිගමයන්…. මේ ඔබ ඇතිකොටගෙන තිබෙන සෑම අනාගත හඳුනාගැනීමක්‌ම අනිත්‍යවන බව නුවනින් දකින්න. අතීතයේ ඔබ හඳුනාගත් බුදුරජාණන්වහන්සේලාටත් අනිත්‍යවී ගියා නම්, අතීතයේ ඔබ හඳුනාගත් සක්‌විති රජවරුනුත් අනිත්‍යවී ගියා නම්, කුමන අනාගත හඳුනාගැනීමක්‌ කෙරෙහි බලාපොරොත්තු ඇතිකොටගන්නද? අතීත වර්තමාන අනාගත සංඥාවන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි වශයෙන් නුවනින් දකිමින් ජීවත්වෙන්න.

පිංවත් ඔබ අනාගතයේදී මට මෙවන් ලේලි කෙනෙක්‌, බෑනා කෙනෙක්‌, මුනුපුරෙක්‌, මිනිබිරියක්‌ හඳුනාගැනීමේ බලාපොරොත්තුවක්‌ තිබේ නම්, අතීතයේ ඔබ ලද සුජම්පතී දේවිය වැනි ලේලිවරුනුත්, ශක්‍රයා වැනි බෑනාවරුනුත් අනිත්‍යවී ගිය විට, අතීත සංඥාවන් වෙනස්‌වී ගිය හැටි නුවනින් දකින්න. තමන්ට අයිති නැති, අනිත්‍යභාවයට පත්වෙන හඳනාගැනීම් කෙරෙහි ඇතිකොටගත් තෘෂ්ණාව නිසා සංසාරයක්‌ පුරාවට ඔබ වින්දාවූ දුක්‌ කන්දරාව නුවනින් දකිමින් අනාගත සංඥාවන් කෙරෙහි කළකිරීම ඇතිකොට ගන්න. ඇලීම්, ගැටීම්, උපේක්‍ෂා කියන මාරයා නිරතුරුව සංඥාව, හඳුනාගැනීම් ඔබේ කොට දෙනවා. මාරයා සංඥාව ඔබේ කරදීමෙන් උත්සහගන්නේ, සංඥාව හේතුවෙන් සකස්‌වෙන සංස්‌කාර මාරයා ශක්‌තිමත් කිරීමටයි. පටිච්චසමුප්පන්නව ක්‍රියාත්මකවන විඥ්ඥානය නමැති මාරයා පංචඋපාදන ස්‌කන්ධයේ සෑම ධර්මතාවයක්‌ තුළටම බැසගනිමින් එකිනෙකට උපකාරක ධර්මයන් සකස්‌කොට දෙමින් සත්ත්වයාගේ භවගමන දීර්ඝ කරන ආකාරය පිංවත් ඔබට ඉහත කාරණයෙන් පැහැදිළි කරගන්න පුළුවන්.

භික්‍ෂුව වැඩසිටින කුටිය ආශ්‍රිත ප්‍රදේශයක තරුණ මවක්‌ හිටියා. එම තරුණ මව තම කුළුඳුල් දරු ප්‍රසූතිය බලාපොරොත්තුවෙන් සිටියේ. මේ මව, පියා කුසේ සිටින දරුවා කියන රූපය නිසා, එම රූපය කෙරෙහි ඇලීම නිසා රූපය සෑපවේදනවක්‌ කරගත්ත නිසා කුළුඳුල් දරුවා ගැන ගොඩාක්‌ හඳුනාගැනීම් ඇතිකරගත්තා. දරුවා පිරිමි දරුවෙක්‌, දරුවා නීරෝගී දරුවෙක්‌ කියන වර්තමාන හඳුනා ගැනීම් තුළමයි ජීවත්වුණේa. දරුවා නිසා අනාගත හඳුනාගැනීම් ගොන්නක්‌ සකස්‌කොට ගන්නවා. දරුවා සුරතල් කරනවා, දරුවා ළමා පාසලට යනවා, දරුවා උසස්‌ අධ්‍යාපනය ලබනවා…. මේ සෑම අනාගත හඳුනාගැනීමක්‌ම සිතේ දරාගෙන සංස්‌කාරයන් රැස්‌කොටගනිමින් සිටියදී දරු ප්‍රසූතියේදී මේ සිඟිති දරුවාත්, මවත් මියයනවා. සියලු හඳුනාගැනීම් කෙරෙහි ඇතිකොටගත්තා වූ තෘෂ්aණාව නිරතුරුවම සත්ත්වයා දුකට පත්කරනවා. අනිත්‍ය දෙය, නිත්‍ය වශයෙන් දකින තැනදී දුක සීරුවෙන් සිටිනවා. මාර ධර්මයක්‌ම වන කුසල් සංස්‌කාරයෝ දුක වසා පෙන්වීමට මාරයාට හොඳ සහයෝගයක්‌ ලබාදෙනවා.

මේ සටහන් තබන භික්‍ෂුවට අකුසල් සංස්‌කාර දකිනකොට ඇතිවන බිය වගේම බියක්‌, අනිත්‍ය සංඥාවෙන් තොරව රැස්‌කොටගන්නා කුසල් සංස්‌කාර කෙරෙහිත් ඇතිවෙනවා. අකුසලය දුකම උරුමකොට දෙනවිට, කුසලය සැප පෙන්වා සත්ත්වයා අනාගතයේදී දුකට ඇද දමනවා. මාරයා කුසලයත් අකුසලයත් දෙකම එකම කාසියේ දෙපතැත්ත කොට සත්ත්වයාට ‘සිරස-අගය’ ක්‍රීඩාව (කාසියක්‌ උඩදමා එහි පෙරළෙන පැත්ත ‘සිරස්‌ද නැතිනම් ‘අගය’ද යන්න) පෙන්වනවා. මේ ක්‍රීඩාවේදී දෙපැත්තෙන් කව්රු දිනුවත් ඔහු භවයේ කොටස්‌කරුවෙක්‌ම වෙනවා.

පිංවත් ඔබ මුළින්ම සද්ධර්මයේ ශ්‍රවණය ඔස්‌සේ මාරයාව හඳුනාගෙන, හඳුනාගැනීම තුළත් මාරයා බැසගෙන සිටිනවාය කියන කාරණය තේරුම්ගෙන අතීත, වර්තමාන වශයෙන් ඇසේත්, කනේත්, නාසයේත්, දිවේත්, මනසේත් ඔබ තුළ ඇතිවන්නාවූ සෑම හඳුනාගැනීමකම අනිත්‍යභාවය නුවනින් දකිමින් අනාගත හඳුනා ගැනීම් කෙරෙහිත් කළකිරීම් ඇතිකොටගන්න.

චිත්තානුපස්‌සනාව – 16

අතීතය සිහිනයක්‌ පමණයි වත්මනද ඒ වගේමයි


පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.

වේදනාවේ අනිත්‍යභාවය පුහුණු වෙනකොට අතීත, වර්තමාන, අනාගත, වශයෙන් වේදනාවේ අනිත්‍යභාවය දකින්න පුහුණුවෙන්න ඕනේ. මුලින් වර්තමාන වේදනාවේ අනිත්‍යභාවය නුවණින් දකින්න. දැක්‌ක දෙය, ඇසුණ දෙය, දැනුණ දෙය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා, වර්තමානයේ ඔබ තුළ සකස්‌වෙන සෑම සැප, දුක්‌, උපේක්‍ෂා සහගත විඳීමක්‌ම නිත්‍යද? අනිත්‍යද?

වර්තමානයේ සකස්‌වෙන සෑම විඳීමක්‌ම අනාගතයට සංස්‌කාරයන් රැස්‌කොටදීලා අනිත්‍යවෙලා යනවා. වර්තමානයට සිත යොමුකරලා, සකස්‌වෙන සෑම විඳීමකම අනිත්‍යභාවය නුවණින් දකිමින් අතීත වේදනාවන්ගේ අනිත්‍යභාවය නුවණින් මතුකොටගෙන දකින්න.

පිංවත් ඔබ ඔබේ අම්මාගේ මව්කුසේ ගර්භාෂ කුටියේ සිරවී සිටියදී, එම කළල රූපයට දැනුණ විඳීම් නිත්‍යද අනිත්‍යද? ඔබ ලෝකයට බිහිවෙන වේලාවේ ඔබට දනුණ දුක්‌ වේදනාව නිත්‍යද අනිත්‍යද? වෙනස්‌වෙලා ගියා. අනිත්‍ය වී ගියා.

ඔබ මෙලොවට බිහිවූ මොහොතේ පටන් අම්මා, තාත්තා, ඥාතීන්, සහෝදරයන් නිසා සකස්‌වූ සෑම දුක්‌, සැප, උපේක්‍ෂා විඳීමක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ඔබ පුංචි කාලයේදී අම්මා ඔබව නළ වනකොට, අම්මාගෙන් කිරි උරා බොනකොට, අම්මාගෙන් උණුසුම ලබනකොට, තොටිල්ලේ නැළවෙනකොට. සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කරනකොට, ළදරු පාසලට යනකොට…. ඇතිවූ සෑම සැප වේදනාවක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. පාසල් ජීවිතය මොහොතක්‌ සිහිපත්කොට ගන්න. ඔබ හාපුරා කියලා පාසලේ පළමු වසරට ඇතුළත් වූ දවස… මේ සෑම සැප වේදනාවක්‌ම සිsහිනයක්‌ පමණක්‌මයි. වෙනස්‌වී ගියා. . අහිමිවී ගියා. අනිත්‍ය වී ගියා. ඔබේ උසස්‌ අධ්‍යාපනය, මුල්ම රැකියාව, ව්‍යාපාරය, තාරුණ්‍යය, ආදරය, විවාහය, කුළුඳුල් දරු උපත… මේ සෑම සැප වේදනාවක්‌ම අනිත්‍යවී ගිය හැටි නුවණින් දකින්න.

පිංවත් ඔබට අතීතයේ අම්මා, තාත්තා ගහනකොට, බණිනකොට, සැරකරනකොට, අසත්පුරුෂ මිතුරන් මුණගැසෙනකොට, අකමැති දේවල් සිදුවෙනකොට, අතීතයේ මොනතරම් දුක්‌ වේදනාවන් අත්වෙන්නට ඇතිද? මේ සෑම දුක්‌ වේදනාවක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌වී ගියා. අතීතයේ පිංවත් ඔබ සැප, දුක්‌ වේදනාවන්ට බැඳෙන්නේ නැතිව, සැප, දුක දෙකම උපේක්‍ෂාවෙන් දරාගෙන මොනතරම් ජීවත්වෙලා තිබෙනවාද. ඇලීම් ගැටීම් ඉදිරියේ මොනතරම් ඔබ උපේක්‍ෂාවෙන් යුතුව ක්‍රියාකොට තිබෙනවාද. ඒ සැම අතීත උපේක්‍ෂා සහගත විඳීමක්‌ම අනිත්‍යව ගියා. අතීතයේ ඔබ අත්වින්දාවූ සෑම දුක්‌වේදනාවක්‌ම උපේක්‍ෂා සහගත විඳීමක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න.

පිංවත් ඔබේ ඊයේ දවසට සිත යොමුකොට, දවස පුරා ඔබ තුළ සකස්‌වූ සෑම සැප වේදනාවක්‌ම, දුක්‌ වේදනාවක්‌ම, උපේක්‍ෂා සහගත වේදනාවක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකිමින් වේදනාව අනිත්‍යයි.. අනිත්‍යයි.. අනිත්‍යයි වශයෙන් අර්ථවත්ව දකින්න. පුහුණු වෙන්න.

පිංවත් ඔබ වේදනාවේ අනිත්‍යභාවය පෙර භවයන්ට නුවණින් යොමුකරන්න. අතීත භවයන්හිදී ඔබ පැවිදි උපසම්පදාව ලබලා, දස දහස්‌ ගණන් පිංවතුන් වටකොටගෙන ධර්ම දේශනා, පිංකම් පවත්වපු වේලාවේ, අතීතයේ ඔබ බුදුරජාණන්වහන්සේලා, පසේ බුදුරජාණන්වහන්සේලා, මහරහතන් වහන්සේලා මුණගැසුණු වේලාවෙ ඇතිවූ සැප වේදනාවන් මනසින් මවාගන්න. අතීතයේ ඔබ සක්‌විති රජු වෙලා, මුළු ලෝකයම දිග්විජය කරනකොට, දිව්‍ය අප්සරාවක්‌ බඳු ස්‌ත්‍රී රත්නය ඇසුරු කරද්දී, සෘධිමත් අජානීය අසුපිට, ඇතුපිට ගමන්කරද්දී පිංවත් ඔබ මොනතරම් සැප වේදනාවන් ලබන්නට ඇතිද. අතීතයේ ඔබ සක්‍ර දෙවියන් වෙලා, ලැබූ අසිරිමත් දිව්‍ය විඳීම් දිව්‍ය අප්සරාවන්, දිව්‍ය නැටුම්, ගැයුම්, වැයුම් , දිව්‍ය භෝජන… මොනතරම් දිව්‍ය සැප වේදනාවන් ලබන්ට ඇතිද.

අම්මලා, තාත්තා, ඥාතීන්, දරුවන්, සත්පුරුෂ ආශ්‍රයන් නිසා අතීත භවයන්හිදී මොනතරම් සැප වේදනාවන් ලබන්නට ඇතිද. මේ සෑම සැප වේදනාවක්‌ම වෙනස්‌වී ගිය හැටි, විකෘතිවී ගිය හැටි, අනිත්‍යට ගිය හැටි නුවණින් දකින්න.

සංසාරයේ ඔබ ලැබූ සෑම සැප වේදනාවක්‌ම අනිත්‍ය වූ තැනදී, අසත්පුරුෂ ආශ්‍රයන් ලැබුණ තැනදී, අබුද්ධෝත්පාද කාලයන් මුණගැසුණ අවස්‌ථාවන්හිදී, කල්ප විනාශයන්ට හසුවී ඉරවල් හතක උණුසුමට පිච්චි, පිච්චී මියගිය අවස්‌ථාවන්හිදී , සතර අපායන්ට වැටී ප්‍රේත ලෝකවල සෙම් සොටු කමින්, අකුසල් නිසාම ප්‍රේත ශරීර රිදුම් දෙමින් මොනතරම් කටුක දුක්‌වේදනාවන් විඳන්නට ඇතිද. තිරිසන් කුලවල ඉපදිලා, වෙනත් සතුනට ගොදුරුවීමෙන්, මිනිසුන් අමු අමුවේ අපිව මරාගෙන කෑමෙන් මොතරම් කටුක දුක්‌ වේදනා සංසාරයේ විඳින්ට ඇතිද? නිරයන්ට වැටී පටිච්චසමුප්පන්නව ඔබත් මමත් ගින්දර, යෝධි සමඟ වින්දාවූ සෑම දුක්‌වේදනාවක්‌ම වෙනස්‌වී ගියා. අතීත භවයන්හිදී කැමති දෙය සිද්ධ නොවෙනකොට, අකැමැති දෙය සිද්ධවෙනකොට, එම කැමැත්ත, අකමැත්ත කොච්චර නම් උපේක්‍ෂාවෙන් දරාගත්තාවූ අවස්‌ථා ඇතිද. ඒ සැම අතීත උපේක්‍ෂා විඳීමක්‌ම අනිත්‍ය වී ගියා. පිංවත් ඔබට දැන් වැටහෙනවා. අතීතයේ, වර්තමානයේ ඔබ වින්දාවූ සෑම සැප දුක්‌ උපේක්‍ෂා විඳීමක්‌ම අනිත්‍ය වී ගිය ධරමතාවයන්ය කියලා.

චිත්තානුපස්‌සනාව – 19

හඳුනාගැනීම කාලයට අනුව වෙනස්‌වන හැටි දකින්න
(සංඥාවේ, හඳුනාගැනීමේ අනිත්‍ය බව වටහා ගනිමු)

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සංඥාව තුළත්, විඤ්ඤාණය බැසගෙන සිටිනවාය කියලා. එක පිංවත් දරුවෙක්‌ සිටිනවා, එම දරුවා කුඩා ළමා කාලයේදීම කිසිම මස්‌ මාංශ වර්ගයක්‌ ගෙදරට ගෙනෙන්නට දෙන්නේ නැහැ. මේ දරුවාට මස්‌ මාංශ හරිම පිළිකුල්. නමුත් කවුරුවත්ම, ඒ දරුවට මස්‌ මංශවල ගුණ අගුණ කියා දීලත් නැහැ. මස්‌ මාංශවලට අදාළ කිසිම දේශනයකට, පාඩමකට මේ දරුවා සවන් දීලත් නැහැ. දෙමාපියනුත් නිර්මාංශ පිංවතුන් නොවේ. නමුත් මේ දරුවා පෙර ජීවිතයේදී දැඩි නිර්මාංශ දෘෂ්ඨියක්‌ ගත්ත පිංවතෙක්‌. දරුවාගේ වර්තමාන හඳුනාගැනීම් තුළ, පටිච්ඡසමුප්පන්නව සකස්‌වෙන විඤ්ඤාණය බැසගෙන තිබෙනවා.

එක පිංවත් මහත්මයෙක්‌ සිටිනවා, එම මහත්මයා ටිකක්‌ විරුපී මහත්මයෙක්‌. ගොඩක්‌ ප්‍රශ්න අතර සිරගත වූ මහත්මයෙක්‌. ඒ මහත්මයා ගින්දර සමග, ගිනි රස්‌නය සමග මුහුන් කරන රැකියාවක්‌ තමයි තමන්ගේ ආදායම් මාර්ගය හැටියට සොයාගත්තේ. එක්‌කෝ පාන් බේකරියක, තේ කර්මාන්තශාලාවක දර උදුන නැතිනම් යකඩ උණුකරන රැකියාවක්‌, කම්මල් රැකියාවක්‌. ගින්දරත් සමග කෙරෙන හඳුනාගැනීම්වලට මොහු හරිම කැමැත්තක්‌ දක්‌වනවා. මොහු පෙර ජීවිතයක දීර්ඝ කාලයක්‌ ගිනි නිරයක සිට මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුව පිංවතෙක්‌. පටිච්ඡසමුප්පන්නව සකස්‌වෙන විඤ්ඤාණය, සංඥාව හඳුනාගැනීම් තුළ බැසගෙන තිබෙනවා.

එක පිංවත් පිරිමි දරුවෙක්‌ සිටිනවා. එම සිඟිති දරුවා, තමන් පිරිමින් යෑයි හඳුනාගත් අයගේ අතට පමණයි යන්නේ. අම්මා ළඟ නැලවෙන්න, අම්මා ළඟ නිදාගන්න මේ දරුවා කැමති නැහැ. තාත්තාගේත් පිරිමි පක්‍ෂයේ ඥාතීන්ගේත් අතට තමයි මේ දරුවා වැඩිපුර යන්නේ. පිරිමි පක්‍ෂයේ හඳුනාගැනීම් වලටයි වඩාත් කැමති. මේ දරුවා පෙර ජීවිතයේ කාමයන්ට අදාළ ශිල්පද හොඳින් ආරක්‍ෂා කරගත් භික්‍ෂුවක්‌. පටිච්ඡසමුප්පන්නව සකස්‌වෙන විඤ්ඤාණයේ හුරුව, ගුණය, වර්තමාන සංඥාව, හඳුනාගැනීම තුළ බැසගෙන සිටිනවා.

පිංවත් ඔබ වර්තමාන සංඥාවන්ගේ අනිත්‍යභාවය දකිමින් අනිත්‍ය සංඥාවට, එසේත් නැතිනම් හඳුනාගැනීම්වලට සිත යොමු කරන්න. ඔබ මවුකුසේ සිටීම මොනතරම් ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් හඳුනාගැනීම් ඇතිකොටගන්න ඇතිද. ඔබ මව්කුසේ සිටියදී ඔබ පෝෂණය වුණු ගර්භාෂය  තමාගේ නිත්‍ය වූ නිවහන, ස්‌ථානය වශයෙන් හඳුනාගත්තා මතකද? මේ අම්මාගේ කටහඬ, මේ තාත්තාගේ කටහඬ, මේ අම්මාගේ උණුසුම, මේ තාත්තාගේ උණුසුම කියා ඔබ හඳුනාගත්තා මතකද? මේ මව්කිරි, මේ පිටිකිරි කියා ඔබ හඳුනාගත්තා මතකද? මේ බෝනික්‌කෙක්‌, මේ හාවෙක්‌ කියා හඳුනාගත්තා මතකද? මේ එකේ පංතියේ ගුරුතුමිය, මේ දෙකේ පංතියේ ගුරුතුමිය වශයෙන් හඳුනාගත්තා ඔබට මතකද? මේ සාමාන්‍ය පෙළ විභාගය, මේ උසස්‌ පෙළ විභාගය කියලා හඳුනාගත්තා මතකද.

මේ හැම අතීත හඳුනාගැනීමක්‌ම, සංඥාවක්‌ම වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. සෑම අතීත හඳුනාගැනීමක්‌ම අනිත්‍ය වී ගියා. විකෘති වී ගියා. අහිමිවී ගියා. පුංචි කාලයේ, ළමා කාලයේ ඔබ හඳුනාගත්තේ ඔබේ එකම ආරක්‍ෂකයා අම්මා තාත්තාය කියලා. ඔබ විවාහ වුණාට පස්‌සේ ඒ අතීත හඳුනාගැනීම වෙනස්‌වෙලා, ඔබේ ආරක්‍ෂකයා බවට පත්වූයේ බිරිඳ හෝ ස්‌වාමිපුරුෂයායි. ඔබ වයසට යනකොට එසේත් නැතිනම් කළ්‍යාණමිත්‍ර ආශ්‍රය ලබනකොට ආයෙමත් මේ හඳුනාගැනීම වෙනස්‌ වෙනවා. මගේ ආරක්‍ෂකයා වශයෙන් හඳුනාගත් අම්මා තාත්තා බිරිඳ ස්‌වාමිපුරුෂයා මගේ සැබෑ ආරක්‍ෂකයා නොව, උතුම් සද්ධර්මයයි මගේ ආරක්‍ෂකයා කියලා හඳුනාගන්නවා. සෑම අතීත හඳුනාගැනීමක්‌ම මොහොතින් මොහොත වෙනස්‌ වෙනවා.

ඊයේ රතු පැහැතියි කියලා හඳුනාගත් ඇඳුම, ලබන වසරේ අවපැහැගැන්විලා යනවා. ඊයේ සත්පුරුෂයෙක්‌ කියලා හඳුනාගත් පුද්ගලයා හෙට දවසේ අසත්පුරුෂයෙක්‌ වශයෙන් හඳුනාගන්නවා. මෙයා නායකයෙක්‌ය කියලා හඳුනාගත් පුද්ගලයා ටික දවසකින් සිරකරුවෙක්‌ය කියලා හඳුනාගන්නවා. රට, ජාතිය, ආගම, සුදු, කළු, හොඳ, නරක මේ සෑම අතීත හඳුනාගැනීමක්‌ම වෙනස්‌වී ගියා නම්, අනිත්‍ය වී ගියා නම්, නුවණින් දකිමින් අතීත හඳුනාගැනීම්වල අනිත්‍යභාවය මතුකොටගෙන නුවණින් විමසා බලන්න.

චිත්තානුපස්‌සනාව – 18

ඊළඟ මොහොත මේ මොහොතෙන් වෙනස්‌ වන්නේ කුමක්‌ නිසාද?
(සංඥාවේ, හඳුනාගැනීමේ අනිත්‍ය බව වටහා ගනිමු)

අතීතයේ, වර්තමානයේ ඔබ වින්දා වූ සෑම සැප, දුක්‌, උපේක්‍ෂා වේදනාවක්‌ම අනිත්‍ය වී ගියානම්, අහිමි වී ගියානම්, අනාගතයේ රට, ජාතිය, ආගම නිසා අම්මා, තාත්තා දරුවන් නිසා රැකියාව, ව්‍යාපාරය නිසා මට මෙවැනි සැප වේදනාවක්‌ ලැබෙනවා කියල බලාපොරොත්තු වෙනවා නම් එම අනාගත සැප වේදනාව නිත්‍ය වෙයිද? අනිත්‍ය වෙයිද? අනාගතයේ මම දෙවියෙක්‌ වෙලා බ්‍රහ්මයෙක්‌වෙලා, සශ්‍රීක මනුෂ්‍යයෙක්‌ වෙලා මෙවැනි සැප වේදනාවන් ලබනවාය කියල බලාපොරොත්තු වෙනවා නම් එම සැප වේදනාවන් නිත්‍ය වෙයිද? අනිත්‍ය වෙයිද? අතීත වර්තමාන වේදනා ස්‌කන්ධය අනිත්‍ය වී ගියානම් අනාගතයේ ඔබ බලාපොරොත්තු වන විඳීම් අනිත්‍ය වන ධර්මතාවක්‌මයි. අතීතයේ වර්තමානයේ සකස්‌ වූ සෑම දුක්‌ වේදනාවක්‌ම, උපේක්‍ෂා වේදනාවක්‌ම අනිත්‍ය වී ගියානම්, අනාගතයේ සකස්‌ වෙන සෑම දුක්‌ වේදනාවක්‌ම උපේක්‍ෂා වේදනාවක්‌ම “අනිත්‍යයි අනිත්‍යයි” වශයෙන් නුවණින් මෙනෙහි කරන්න.

අතීතයේ ශක්‍ර ජීවිතයේ සැප වේදනාවත් අනිත්‍ය වී ගියා නම්, මේ ජීවිතයේ සැප වේදනාද අනිත්‍යයි දකිමින්, සැප වේදනාවට නොඇලී ඉන්න. අතීතයේ සතර අපායෙන් විඳි, දුක්‌ වේදනාවන් අනිත්‍යවී ගියා නම් මේ ජීවිතයේ ඔබ විඳිනා දුක්‌ වේදනාද අනිත්‍යයි. එම නිසා දුක්‌ වේදනාවන්ටත් ගැටෙන්න එපා. සැප වේදනාවට නොඇලෙන තැන දුක්‌ වේදනාවට නොගැටෙන තැන ඔබ ඉන්නේ උපේක්‍ෂා වේදනාව තුළයි. ඒ උපේක්‍ෂා වේදනාව ඔබ අනිත්‍යයි කියල අවබෝධ කරගන්නේ උතුම් අරිහත් ඵල අවබෝධය ලබන අවස්‌ථාවේදියි.

ධර්ම මාර්ගයේ ගමන් කරන පිංවතුන්ලාගේ සිත කමටහනක්‌ ඔස්‌සේ තැන්පත් වෙනකොට එම සැප වේදනාවට බැඳී යනවා. සිත විසිරී යනකොට සිත විසිරීයැමේ දුක්‌ වේදනාවට ගැටෙනවා. පිංවත් ඔබ නොවිසිරෙන, විසිරෙන සිතුවිලි ඉදිරියේ අනිත්‍යයේ අර්ථය මතුකරගනිමින් උපේක්‍ෂාව තුළටම පැමිණෙන්න දක්‍ෂවෙන්න ඕන. උපේක්‍ෂාව කියන අර්ථය තුළදියි, ධර්මය ඔබ තුළ වැඩෙන්නේ. ධර්ම මාර්ගයේ අවසන් අදියරේදියි, පිංවත් ඔබ උපේක්‍ෂාවේ අනිත්‍යභාවය දකින්නේ. එතෙක්‌ උපේක්‍ෂාව ඔබව මාර්ගයේ ඉදිරියටම රැගෙන යැමට උපකාරක ධර්මයක්‌ම වෙනවා.

දැන් පිංවත් ඔබට වැටහෙනවා ඇති පංචඋපාදානස්‌කන්ධයට අදාළ වේදනාව කියන ධර්මතාව විඤ්ඤාණය බැසගෙන සිටින වේදනාව කියන ධර්මතාව අනිත්‍ය වශයෙන් දැකීමට නම් පිටකොන්දේ වේදනාවට, දණහිසේ වේදනාවට වේදනාවයි වේදනාවයි සිත සිතා සිටීමෙන් පමණක්‌ මේ වේදනාවට ඇති තෘෂ්ණාවේ ප්‍රශ්නය විසඳීමට නොහැකි බව. මාරයා මෙවැනි සීනිබෝල කමටහන් තුළ ඔබව සිරගතකර යථාර්ථය වසන් කිරීමට උත්සාහ කරන පංචඋපාදානස්‌කන්ධ ලෝකයක්‌ තුළ පිංවත් ඔබ අතීත, වර්තමාන, අනාගත වශයෙන් සැප, දුක්‌, උපේක්‍ෂා විඳීම්වල අනිත්‍යභාවය අර්ථවත්ව නුවණින් මතුකරගනිමින් ඔබේ විවේකීභාවය වේදනාවේ අනිත්‍යභාවය දැකීම උදෙසා යොමුකරගන්න දක්‍ෂ වෙන්න.

පිංවත් ඔබ පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළව ඇසෙන් රූපයක්‌ දකිනවා. කනෙන් ශබ්දයක්‌ අහනවා, නාසයට ගඳ සුවඳත් දැනෙනවා, දැක්‌ක දෙයට, ඇසුණ දෙයට, ඔබ ඇලෙනවා ගැටෙනවා උපේක්‍ෂා සහගත වෙනවා. ඇලුණ ගැටුණ උපේක්‍ෂා සහගත වුණ දෙයට ඔබ මොකද කරන්නේ. ඔබ හඳුනාගන්නවා. හඳුනා ගන්නවා කියල කියන්නේ සංඥාවට. වේදනාව නිසා සකස්‌ වූ ඵලයයි, සංඥාව හෙවත් හඳුනාගැනීම. ‘වේදනා නිරෝධා සංඥා නිරෝධෝ’

පිංවත් ඔබ දැන් බොහෝම සියුම්ව ඔබ තුළ සිදුවන පංච උපාදානස්‌කන්ධ ක්‍රියාවලියට අදාළ මුල් සිදුවීම් පෙළ නුවණින් දකින්න. මුලින්ම ඔබ ඇසෙන් රූපයක්‌ දකිනවා. දැක්‌ක රූපයට ඔබ ඇලෙනවා ගැටෙනවා. නැතිනම් උපේක්‍ෂා සහගත වෙනවා. තෙවැනිව ඔබ එම රූපය හඳුනාගන්නවා. මේ මගේ තාත්තා, අම්මා, නංගී මල්ලී කියල හඳුනාගන්නවා.

මනුෂ්‍යයෝ සියයක්‌ සිටින තැන ඔබේ අම්මා සිටියොත් එක ක්‍ෂණයෙන්ම ‘මේ මගේ අම්මා’ කියල හඳුනාගන්නවා. මේ සුදුපාට, රතුපාට, නිල්පාට වශයෙන් හඳුනාගන්නවා. මොහු ජපන් ජාතිකයෙක්‌, මොහු ඇමරිකානු ජාතිකයෙක්‌ වශයෙන් හඳුනාගන්නවා. දැන් පිංවත් ඔබ නුවණින් මෙනෙහි කර බලන්න. ඔබ වර්තමානයේ යම් රූපයක්‌ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් මනසින් හඳුනාගත්තා නම් ඒ සෑම හඳුනා ගැනීමක්‌ම අනිත්‍යයි නේද? මේ මොහොතේ මනුෂ්‍යයෙක්‌ වශයෙන් හඳුනාගත් රූපයක්‌ ඊළඟ මොහොතක දෙවියෙක්‌, ප්‍රේතයෙක්‌, තිරිසන් සතෙක්‌ වෙන්න පුළුවන්. මේ මොහොතේ නිල් පැහැයට තිබෙන ආකාසය ඊළඟ මොහොතේ කළු පැහැ ගැන්වෙන්න පුළුවන්. මේ මොහොතේ ජපන් ජාතිකයෙක්‌ ලෙස හඳුනාගත් රූපය, ඊළඟ මොහොතේ මියගොස්‌ අප්‍රිකානු ජාතිකයෙක්‌ වෙන්න පුළුවන්. වර්තමානයේ පිංවත් ඔබ තුළ සකස්‌ වෙන්නා වූ සෑම සංඥාවක්‌ම, හඳුනාගැනීමක්‌ම වෙනස්‌ වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. විකෘති වෙලා යනවා.