65 අකුසලය යටපත් කරන්න අමනුෂ්‍යයා අනිත්‍ය ලෙස දකින්න

2014-01-26
භික්‍ෂුව හමුවීමට පැමිණි වයෝවෘද්ධ යුවලක්‌ ප්‍රකාශ කළේ තමන් තරුණ කාලයේ කර්මය, කර්මඵලය ගැන නොදැනීම නිසා, විවාහ වූ අලුත අනවශ්‍ය පිළිසිඳගැනීමක්‌ යෑයි සිතා, දරුවෙක්‌ ගබ්සා කෙරූ බවත්, එම සිද්ධිය දැන් නිරතුරුවම මතකයට නැගෙන බවත්ය.

එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ, එම සිද්ධිය ඔබලාගේ මනසට නිතර පැමිණෙනවා නම් එය භයානක බවයි. මොකද යම් දවසක තමන් මියයන මොහොතේ, එවැනි ප්‍රබල අකුසලයක්‌ මතකයට පැමිණීමේ ප්‍රවණතාව වැඩි නිසා. භික්‍ෂුව එම වයෝවෘද්ධ දෙපළට ප්‍රකාශ කළේ, ඔබ දෙපළ වර්තමානයේ හොඳින් තෙරුවන් සරණ පිහිටා ශිල්පද ආරක්‍ෂාකරගෙන ජීවත්වන නිසා, එම ශක්‌තිය උපයෝගී කරගෙන අතීත අකුසලය යටපත්කොට දමන ලෙසයි.

එහෙත් එම යුවල ප්‍රකාශ කරනවා, කොතෙක්‌ අමතක කරන්න උත්සාහ කළත් එය මතකයට එනවා කියලා. එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ, එසේනම් ඔබලා එම අකුසලය යටපත් කිරීම සඳහා ඊට වඩා ශක්‌තිමත් කුසලයක්‌ සිදුකරගන්නා ලෙසයි. ඔබ දෙදෙනා ළමා රෝහලට ගොස්‌ එහි නේවාසිකව ප්‍රතිකාරගන්නා මරණාසන්න තත්ත්වයේ දරුවන් කිහිපදෙනෙක්‌ වරින් වර තෝරාගෙන, එම දරුවන් මරණයෙන් බේරාගැනීමට අවශ්‍ය බෙහෙත්, ප්‍රතිකාර, සියලු වියහියදම් දරන්න කියලා. ඔබේ උත්සාහයෙන් එම දරුවන් මරණයෙන් බේරාගත්තාට පසුව, තමන් මරණයට පත්වීමට ගිය දරුවෙක්‌ බේරාගත්තාය කියලා ඔබ තුළ ඇතිවන ශක්‌තිමත් කුසල් සිත ප්‍රයෝජනයට ගෙන, දරුවෙක්‌ ගබ්සා කළාය කියලා ඔබේ මතකයට නැගෙන අතීතයේ සිදුවූ කර්මය යටපත් කර අමතක කර දමන්නය කියලා.
ෙච්තනාවයි කර්මයට මුල්වෙන්නේ. අතීත අකුසල් කර්මය, වර්තමාන කුසල් කර්මයෙන් යටපත් කළාය කියනා ෙච්තනාව ඇතිකරගැනීමට ඔබ දක්‍ෂ වෙන්න කියලා. එවැනි මරණාසන්න දරුවන් මරණයෙන් බේරාගෙන ඔබ අදාළ පිංකම කළාට පස්‌සෙත්, ඔබලා අතින් සිදුවූ එම අකුසලය නැවත, නැවත මතකයට ගන්නවා නම් ඒ ඔබේ අදක්‍ෂභාවයයි. එම නිසා අතීත අකුසල්, වර්තමාන කුසල් ධර්මයන්ගෙන් යටපත්කොට නැගී සිටීමට ඔබ දක්‍ෂ විය යුතුයි. සෑම විටම ෙච්තනාවේ හැඩරුව අනුවයි විඤ්ඤාණය සකස්‌වෙන්නේ කියන කාරණය පැහැදිලි කරදෙන්නයි ඉහත කාරණය සඳහන් කළේ.

සමහර පිංවතුන් සිටිනවා අතීතයේ තමන් අතින් සිදුවූ වැරදි ගැන පසුතැවෙන අය. අතීතයේ කළ වැරදි ගැන පසුතැවීමෙන් තව තවත් අකුසල්මයි සිදුවන්නේ. එනිසා ඔබ දක්‍ෂවෙන්න, හැකිතාක්‌ කුසල් සිදුකරමින් අතීත අකුසල් යටපත්කොට දමන්න. මෙතැනදී ආනන්තරීය පාපකර්ම ඇතුළුව යටපත් කිරීමට නොහැකි අකුසල් තිබෙනවා. ඔබ අතින් සිදුවූ කුමන අකුසල් කර්ම තිබුණද, දැනුවත්ව හෝ අනවබෝධය නිසා ඇති වූ වරදවල් තිබුණද, වෙච්ච දේ ගැන, අතීතයට ගිය දේ ගැන පසුතැවිලි නොවී වර්තමානයේ නිවැරදිව ජීවත්වෙන්න දක්‍ෂවෙන්න.

භාවනා කිරීමට යොමුවන පිංවතුන් අතීතයේ සිදුවූ සිදුවීම්, ක්‍රියාකාරකම් නිරතුරුවම මතකයට ගලාඒමෙන් සිත විසිරෙනවා. පිංවත් ඔබ ශීලයෙන් ශක්‌තිමත් නම්, ඒ කියන්නේ ඔබ තුළ ඉන්ද්‍රිය සංවරය තිබෙනවා. හිරි ඔතප් දෙක තිබෙනවා. මෙතැනදි ‘හිරි ඔතප්’ කියන්නේ ඔබ සතර අපායට වැටෙන්නට තිබෙන ලැඡ්ජා බය දෙක. භාවනාවක්‌ සාර්ථක කරගැනීමට ඉහත කාරණය අත්‍යවශ්‍ය වෙනවා. මෙතැනින් තමයි සංසාර බය සකස්‌කර දෙන්නේ, භවයෙන් ගැලවිලා යන්නට. සතර අපායේ නැවත උපතක්‌ ලැබුවොත්, එය මොනතරම් දුකක්‌ද, ලැ-ජාවක්‌ද, කුමන ගැලවීමක්‌ද?

මේ දුක ගැන නුවණින් මෙනෙහි කරමින් අසංවර ඔබේ සිත භාවනාවට පෙර නිශ්චල කරගන්න. අතීතයේ ඔබ හරකෙක්‌, ඌරෙක්‌ ලෙස ඉපදිලා, අනුන් ඔබව මරාගෙන කෑ හැටි, ප්‍රේතයින් හැටියට උපත ලබලා, නිර්වස්‌ත්‍රව, කුසට අහරක්‌ නැතිව, ශරීරය කුණුවෙලා, වනවෙලා…. , ඉඩකඩම්වලට තෘෂ්ණාවෙන් බැඳිලා, මරණින් මතු එම ඉඩමේම ගල් ප්‍රේතයින්, බහිරවයින්, භූත ගෙම්බන් ලෙස ඔබත් මමත් ගත කළ ජීවිත ගැන මෙනෙහි කරන්න. නිරයට වැටී, ගින්දර, ලෝදිය, ගිනි අඟුරු මතින් ඔබව දැවුණු පිච්චුණු හැටි මෙනෙහි කරන්න. මේවා ගැන ඔබ ලැඡ්ජාවෙන්න එපා. එහෙම ල-ජාවක්‌ ඔබට සකස්‌වුණහොත් එයට කියන වචනය, ලැ-ජාව නොව ‘සක්‌කාය දිට්‌ටිය ‘ බව හොඳින් නුවණින් දකින්න. යමෙක්‌ තුළ සක්‌කාය දිට්‌ටිය සකස්‌වෙනවා නම් ඔහු හෝ ඇය, තවම මාරයාගේ අත්සන් සහිත සතර අපායේ බදු ගිවිසුම අහවර නොකළ කෙනෙක්‌ බව සිතන්න. සතර අපායේ අයිතිය පිළිබඳ බදු ගිවිසුම පස්‌ අවුරුදු හෝ අනූනව අවුරුදු බදු ගිවිසුම් නොව, කල්ප ගණන් දීර්ඝ කාලයක්‌ සඳහා ලියන බදු ගිවිසුම්ය. එහි ‘බදුදෙන්නා’ වශයෙන් මාරයාත්, ‘බදුගන්නා’ වශයෙන් ඔබත් අත්සන් කොට ඇත. මෙය තවත් නිරවුල් වශයෙන් කියනවා නම්, මාරයා වශයෙන් ඔබ තුළ ඇති ජන්ද රාගයත්, එම ජන්ද රාගය නිසා ඔබ තුළ ඇතිවන සක්‌කාය දිට්‌ටිය බදුකරු වශයෙනුත් දැක්‌විය හැකිය.

සතර අපායේ සත්ත්වයා විඳින දුක ගැන අවබෝධයකින් තොරව, සතර අපායෙන් මිදීම යනු ප්‍රශ්නාර්ථයකි. තිරිසන්, ප්‍රේත, නිරය, අසුර ලෝකයේ දුක්‌ විඳින සෑම සත්වයෙක්‌ම, පෙර ජීවිතයකදී ඔබත් මමත් වැනි මනුෂ්‍යයෙක්‌ම බව සිහිපත් කරගන්න. ඔබ තිරිසන් සතෙක්‌ දුටුවහොත් එම තිරිසන් සතාගේ රූපය තුළින් දුසිල්වත් මනුෂ්‍යයෙකුගේ රූපයක්‌ සිතින් මවාගන්න දක්‍ෂවෙන්න. ඔබ ප්‍රේතයකුගේ රූපයක්‌ දුටුවහොත්, මසුරුබවින් යුත් මිනිසකුගේ රූපයක්‌ එම රූපය තුළින් මතුකරගැනීමට දක්‍ෂවෙන්න.

මේවා භාවනාව ක්‍රමවත්ව වඩවා ගැනීමට අවශ්‍ය උපක්‍රමය. මේ උපක්‍රම මාරයාට එරෙහිවමය. සමාජයෙන් ආශ්වාදය නැමැති සුදු පිරුවටයෙන්, මාරයා, සතර අපාය ඔබෙන් වසන්කොට, සතර අපායේ ජීවත්වන ප්‍රේත රූප, අමනුෂ්‍ය රූප පෙන්වා ඔබව නොමග යවනකොට, එම සුදුපිරුවටය විනිවිද සතර අපායේ අනතුර දැකීමට ඔබ දක්‍ෂ විය යුතුය. සමාධි භාවනාවේදී ඔබට හමුවෙන අමනුෂ්‍ය රූප, රූපයේ අනිත්‍ය දකිමින්, ඇති වූ ස්‌වභාවයෙන්ම අනිත්‍යභාවයට පත්වීමට ඉඩහරින්න. එම අමනුෂ්‍ය රූපයන් කෙරෙහි ආශ්වාදයක්‌ සකස්‌කොටගන්න එපා. සමහර පිංවතුන් එම අමනුෂ්‍ය රූප දැකගැනීමට හැකිවීම ආශ්වාදයක්‌ ලෙසින් ගෙන එම ආශ්වාදයේ බැඳී,සතර අපායේ ජීවත්වෙන සත්වයෙක්‌ නිසා භාවනාවේ සැබෑ අර්ථය අහිමිකරගන්නවා.

භාවනා කරන විට ඔබට දර්ශනය වන අමනුෂ්‍ය රූප, බොහෝ අවස්‌ථාවල ඔබ නොදන්නා වූ අතීත ජීවිතවල ඥාති ප්‍රේතයින්. ඔබ එම ප්‍රේතයින් කවුරුන්දැයි කියා නොදන්නවා වුණත් එම ප්‍රෙAතයින් ඔබව දන්නවා. ඒ අය සතර අපායේ ජීවත්වන පිං මඳ පිනට අකමැති පිරිසක්‌. ඒ පිනට අකමැති ප්‍රේතයින් කැමති නැහැ ඔබ භාවනා කරනවට. ඔබ සතර අපායෙන් මිදෙනවට. එම ප්‍රේත පිරිස්‌ උත්සාහගන්නේ තම ඥාති පිරිසත් තමන්ගේ ගොඩටම ඈඳාගන්නයි. ඔබ ඒ අයගෙන් මිදී සුගතියට යනවට ඒ අය කැමති නැහැ. එම නිසා මෙවැනි අමනුෂ්‍ය රූප මාරයා වශයෙන් හඳුනාගෙන, අනිත්‍ය දැකීමට ඔබ දක්‍ෂ විය යුතුයි. එසේ නොවුන හොත් එම අමනුෂ්‍ය පිරිස්‌ නැවත නැවත විවිධ ප්‍රේතයන් ඔබ ඉදිරියට පමුණුවනු ඇත. මෙම ක්‍රියාවන් ධර්මය නොදන්නා අමනුෂ්‍යයන්ගේ අසත්පුරුෂභාවයන්ය. පිංවත් ඔබ ශීලයෙන් පරිපූර්ණ නම් අමනුෂ්‍යයෙකුට ඔබට කළහැකි දෙයක්‌ නොමැති බවට ධර්මයේ නාමයෙන් ඔබ තුළ විශ්වාසයක්‌ තිබිය යුතුය. හැබැයි එම ශීලය තණ්‌හා, මාන්න, දිට්‌ට්‌වලින් අපිරිසිදු නොවිය යුතුය. මෙවැනි කරුණු නිරාකරණය කරගැනීමට අදාළ පිංවතා තුළ නිහතමානීකම අත්‍යවශ්‍යයෙන් තිබිය යුතුය.

ඉන්ද්‍රජිත් සුබසිංහ

64-දකින්න! ශීලයෙන් භාවනාවට දෙන ජවය

2014-01-19’සතර අපායෙන් මිදෙමු’ – 64 කොටස

භාවනාවට පෙර III
පිංවත් ඔබ භාවනාවට යොමුවන්න ඕනේ මොන තරම් පෙර සූදානමකින්ද. පෙර සූදානම කියන්නේ, නාලා පිරිසිදු වේලා, ඇල්වතුර වීදුරුවක්‌ බිලා, වේගයෙන් හුස්‌මක්‌ අරගෙන, දොර ජනෙල් ඇරලා….. කියන කාරණා නොවේ. මේවාත් අවශ්‍ය තමයි. වඩාත් වැදගත් වෙන්නේ, කුමක්‌ උදෙසාද අපි භාවනා කරන්නේ, කුමක්‌ නැති කිරීමට ද භාවනා කරන්aනේ කියන කාරණාවත්, පංචනිවරණ යනු කුමක්‌ද? ඒවා ඔබ වෙන් වශයෙන් හඳුනා ගත්තාද?

කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ද, උද්ධච්ඡ, කකුක්‌ච්ඡ, විචිකිච්චා කියන කාරණාවල ස්‌වභාවය, හඳුනාගෙන භාවනාවට යොමු වෙන්න. එසේ නොවුණහොත්, ඔබ භාවනා කරන කාලවේලාවේදී වැඩි වශයෙන් වැඩෙන්නේ ඉහත මාර ධර්මයන්මයි.

භික්‌ෂුවට හමු වූ තරුණ දරුවන් පිරිසක්‌ භික්‌ෂුවගෙන් විමසුවා මේකෙන් ගැලවෙන හැටි කියලා දෙන්න කියලා. ඒ දරුවන් පාවිච්චි කළ වචන ටිකයි ඉහත සඳහන් කලේ. කාගෙන් ගැලවෙන හැටි ද මේ දරුවන් අහන්නේ? බ්‍රහ්මයෙක්‌, දෙවියෙක්‌, යක්‌ෂයෙක්‌ගෙන්, ගැලවෙන හැටි ද මේ දරුවන් අහන්නේ? අපිට ගැලවෙන්න තිබෙන්නේ මේ කාගෙන්වත් නොවේ. ඔබලා තුළම සකස්‌වෙන්නා වූ තෘෂ්ණාවෙන්. දුකට හේතුවන තෘෂ්ණාව තමා තුළම තබාගෙන, භික්‌ෂුවගෙන් අසනවා මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. මේ දරුවන් අවංකවමයි මේ ප්‍රශ්නය ඇසුවේ. එහෙම නම් ඇයි මේ ප්‍රශ්නය අසන්නේ ?

චතුරාර්ය සත්‍යය පිළිබඳ දැනුම අඩු නිසා. ඒ වෙලාවේ භික්‌ෂුව එම දරුවන්ට ප්‍රකාශ කළා චතුරාර්ය සත්‍යයේ දුක කියලා කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරදේව, දුක්‌ඛ දෝමනස්‌ස, උපායාස, පංච උපාදහස්‌කන්ධ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්‌වීමේ දුක, මේ සියල්ලම දුක නම් මේ දුක සකස්‌ වෙන්නේ ඔබලා තුළම නෙAද? දෙවැනුව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දුකට හේතුව තෘෂ්ණාව කියලා. දුක තමා තුළ නම් සකස්‌ වෙන්නේ දුකට හේතුව තෘෂ්ණාවත් තමා තුළම නේද සකස්‌ විය යුත්තේ? තුන්වන ආර්ය සත්‍යය, ‘දුකෙන් මිදීම’ කියන්නේ තෘෂ්ණාවෙන් මිදීම, කියන කාරණය. දුකත් තමා තුළම නම් සකස්‌ වෙන්නේ දුකට හේතුව තෘෂ්ණාව, තමා තුළම නම් සකස්‌ වන්නේ දුක නැති කිරීමට තෘෂ්ණාව නැති කළ යුත්තේ තමාම නේද? එහෙම නම් තෘෂ්ණාව නැති කිරීමට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළ යුත්තෙත් තමාම නේද? එහෙම නම් චතුරාර්ය සත්‍ය තමා තුළින්ම නේද ක්‍රියාත්මක විය යුත්තේ. එනිසා ඉහත ධර්මයන් භාවනාවට පෙර නුවණින් හැකිතාක්‌ මෙනෙහි කරන්න. එවිට ඔබට හැකි වේවි ලෝකයෙන් ඔබව හුදකලා කොට තබාගන්න. ඔබ අත්විඳින දුකේ දිග පළල දකිමින් දුක සකස්‌වීමට හේතු වන තෘෂ්ණාව, කෙලෙස්‌ බරිත සිතුවිලි, නුවණින් හඳුනාගෙන බැහැර කොට දමන්න.

මේ කාර්යය ඔබට පහසුවෙන් කරගැනීමට හැකියාව ලැබෙන්නේ ඔබ ශීලයට ඔබේ ජීවිතය තුළින් ලබාදී ඇති වටිනාකමේ ප්‍රමාණය මතයි. ඔබ ශීලයෙන් දුර්වල නම් ඉන්ද්‍රිය සංවරයක්‌ ගැන සිතාගැනීමටවත් නොහැකි වනු ඇත. මෙවැනි අවස්‌ථාවක ඔබ කළ යුතුව ඇත්තේ බුදු ගුණ භාවනාවට වැඩිපුර යොමු වෙමින්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දියුණු කරගනිමින් ශීලයෙන් ශක්‌තිමත් වීමට උත්සාහ ගැනීමයි. මේ ධර්ම මාර්ගයෙන් අර්ථවත් අවබෝධයක්‌ ලබාගැනීමට ඔබට අවශ්‍ය නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ අනුපිsළිවෙලට මාර්ගය වඩන්න දක්‌ෂ වෙන්න. ඔබ ආහාර ගන්න කොට හැම ව්‍යාංජනයකින්ම ටික ටික බෙදාගෙන රස බලනවා වගේ, හැම දෙයකින්ම ටික ටික කරන්න යන්න එපා. හේතුඵල ධර්මයන්ට යටත්වයි ධර්මයේ සෑම පියවරක්‌ම සකස්‌ වෙන්නේ. ඔබ තුළ සමාධියක්‌ සකස්‌ නොවේ නම්, එය කමටහනේ වරදක්‌ නොව, ශීලයේ දුර්වලතාවයකි. සමාධියට ඔබ තවම සූදානම් නැහැ කියන කාරණයයි.

ධර්ම සාකච්ඡාවකදී පැමිණි පිංවතුන් සියලු දෙනාම ප්‍රශ්න යොමු කළේ භාවනාව සම්බන්ධව, භාවනා කිරීමේදී ඇති වන ගැටලු සම්බන්ධව, නමුත් එක මහත්මයෙක්‌ පමණක්‌ ප්‍රශ්න තුනක්‌ යොමු කළා ශීලය සම්බන්ධව. පංච ශීලයට අදාළවයි එම ප්‍රශ්න තුනම. නමුත් එතන සිටිය අනෙක්‌ පිංවතුන්ට පෙනුනේ එම ප්‍රශ්න ප්‍රාථමික ගනයේ ප්‍රශ්න හැටියට. මොකද ශීලය ගැනනේ කතා කළේ. භාවනාව ගැන නොවේ. නමුත් ඉහත පිංවතුන්ගෙන් භික්‌ෂුව වඩාත් පසසන්නේ, ගරු කරන්නේ, ශීලය පිළිබඳව ප්‍රශ්න කළ පිංවතාම, මොකද ශීලය පිරිසිදු කොටගෙන, නිරවුල් කොටගෙන, අහවර වෙලයි, භාවනාවක්‌ අර්ථවත් වෙන්නේ. එතනයි භාවනාවේ ජයග්‍රහණය සඳහා සමාධිය සකස්‌ වෙන්නේ. සමාධිමත් සිතයි යහපත් අයහපත් දෙකම විදර්ශනාවට ලක්‌ කොට දෙන්නේ.

යමෙක්‌ ශීලය ශක්‌තිමත් කිරීමට උත්සුක වෙනවා නම්, යම් දවසක ඔහු සමාධිය එතුළින් මතු කොට ගන්නවා. යම් දවසක ඔබ සතර අපායෙන් මිදෙනවා කියන්නේ ශීලය, ආර්යකාන්ත ශීලය හැටියට ආරක්‍ෂා වෙනවාය කියන කාරණයයි. ආර්යකාන්ත ශීලයට පැමිණි කෙනා සිල් පදයක්‌ බිඳීම දකින්නේ පිරිසක්‌ මැද නිර්වස්‌ත්‍රව සිටීමටත් අන්ත අන්ත දෙයක්‌ විදිහටයි. ඒ නිසා කැඩුනු ශිල් පදය වහා නිවැරැදි කරගන්නවා. වැරැද්ද දකිමින් නැවත නොබිඳෙන ආකාරයෙන් නිවැරදි වෙනවා. සතර අපායෙන් මිදුන පිංවතා තුළින් සාමාන්‍ය කෙනෙකුට වඩා අර්ථවත් ආකාරයෙන් ශිල් පද ආරක්‍ෂා වෙන්නේ. පානාතිපතා වේරමණී ශිල් පදය ඔහුගෙන් අර්ථවත් වෙන්නේ. මම නැවත සතර අපායන්ට වැටී හරකෙක්‌ එළුවෙක්‌, කුක-=ළෙක්‌ මාළුවෙක්‌ ලෙස මැරුම් කන්නේ පීඩාවට ලක්‌ වන්නේ නැහැ කියන අර්ථයෙන්. එම විශ්වාසයෙන්. රහතන් වහන්සේ නමකගෙන් මුසා වාදා වේරමණී ශිල් පදය ආයාසයකින් තොරවම ආරක්‍ෂා වෙන්නේ, මේ ලෝකයේ ලොකුම බොරුව වන, ලෝකය සැපය කියන මුසාවාදය නොකියන, ලෝකය පංච උපාදායකත්වය දුකයි කියන අර්ථයම ප්‍රකාශ කරන උත්තමයා හැටියට. රහතන් වහන්සේ තුළින් අදින්නාදානා වේරමණී ශිල් පදය ආයාසයකින් තොරවම ආරක්‍ෂා වෙන්නේ අර්ථවත් වෙන්නේ මේ රූපය මට අයිති නැහැ, රූපය නිසා සකස්‌ වෙන ඵස්‌ස වේදනා සංඥා සංඛාර විඤaඤdණය මගේ නොවෙන නිසා හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌ වුණ රූපයක්‌, ඇසක්‌, කනක්‌, මගේ කියා අන්සතු දෙයක්‌ මගේ කර ගන්නේ නැහැ කියන ඉහළම අර්ථයකින්.

පිංවත් ඔබ හොඳින් හිතලා බලන්න, අපි සියලු දෙනාම, මගේ කියලා අයිති කරගෙන සිටින, බැඳිලා සිටින, ඇස, කන, දිව, නාසය, මනස, කය ඔබේම නොවේ නේද? ඔබට අයිති නැති දෙයක්‌ ඔබ අයිති කරගෙන සිටින්නේ. ඔබට අයිති නැති ඵස්‌ස වේදනා සංඥා සංඛාර විඤaඤdණ ධර්මයන් ඔබ ඔබේ කරගෙන සිටින්නේ. ඒක තමයි මේ ලෝකයේ තිබෙන බරපතළම සොරකම. මේ සොරකම නිසා නේද ඔබට සංස්‌කාර හේතුවෙන් භවයට රැගෙන යන බරපතළ වැඩ සහිත අත්හිට වූ සිරදඩුවම් නියම වෙන්නේ.

රහතන් වහන්සේ නමකගෙන් කාමේසුමිච්චාචාර වේරමණී ශිල් පදය ආරක්‍ෂා වෙන්නේ, කාමය තිබෙන්නේ රූපය තුළ නොවේ, රූපය කෙරෙහි සකස්‌කොට ගන්නා වූ තෘෂ්ණාව නිසාය කියන කාරණය අවබෝධ කොට ගෙන, අනිත්‍ය භාවයට පත් වෙන රූපය, රූපයේ ස්‌වභායෙන් තිබීමට ඉඩහැර අනිත්‍ය වූ දෙයක්‌ කෙරෙහි ඇති තෘෂ්ණාව තමා තුළින් ක්‌ෂය කිරීමෙන්ය.

රහතන් වහන්සේට ඇසක්‌ ඇත. බාහිර රූපය අරමුණුවනු ඇත. එහෙත් තෘෂ්ණාව නැත. ඵස්‌සය සිදුවෙද්දීම රහතන් වහන්සේ අනිත්‍ය දකිනු ඇත. ශිල් පදවල ආශ්චර්යවත් අර්ථය, පිංවත් ඔබව ඔසවා තබන ලෝක ධාතුවේ උත්තරීතර අවබෝධයේ විජයග්‍රහණයන් ගැන භාවනාවට පෙර ඔබ මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කිරීමෙන් ඔබට අයිති ආජීව අශ්ඨමක ශීලය අර්ථවත්ව රැක ගැනීමට යොමු වන්න. ශිල් පදවල අර්ථයන්ට ඇති දුරස්‌භාවය දකිමින් එම දුරස්‌භාවය අහෝසිකර ගැනීමට වීර්ය ගන්න.

පිංවත් ඔබ බිරිඳට, ස්‌වාමිපුරුෂයාට, දරුවන්ට දේපළට ඇති බැඳීම, ඒවා ආරක්‍ෂා කරගැනීමට දරන විර්යයට වඩා ශක්‌තියක්‌ ශීලය ආරක්‍ෂාව උදෙසා යොමු කරන්න. ඔබත් එවැනි ආශ්චර්යවත් උත්තමයෙක්‌ වෙනවාය කියන අධිෂ්ඨානය ඇති කරගන්න. අනිත්‍ය අකුසල් සංස්‌කාර, ඔබේ අයෝමය විර්යයෙන් ශක්‌තිමත් කරගත් කුසල් ශක්‌තිය යොදාගනිමින් යටපත් කොට දමා, තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ශීලයේ ශක්‌තියෙන් භාවනාව උදෙසා නැගී සිටින්න. ඔබ තුළ සකස්‌කොටගත් ෙච්තනාව, විඤaඤdණයේ හැඩ රුව සකස්‌ කොට දෙන බව හොඳින් දකින්න. භික්‌ෂුව මේ සටහන් කරන්නේ තවත් කතාවක්‌ නොව පිංවත් ඔබට භාවනාවට (පෙර) පූර්වකෘතියක්‌ බව නුවණින් දකින්න…..

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

62-සිත තැන්පත් නොවීමත් භාවනාවට ආයෝජනයක්‌ කරගන්න

2014-01-12ආනාපාන සති භාවනාව කරන්න සුදුසු ඉරියව්වකින් වාඩිවුනාට පස්‌සේ පිංවතුන් විශාල පිරිසකට තිබෙන ප්‍රශ්නයක්‌ තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ සිත නොපිහිටා භාහිර අරමුණක්‌ ඔස්‌සේ සිත දිවයැම. මෙතැනදී ඔබ නොසන්සුන් වෙන්න පුළුවන්. අලසවෙන්න පුළුවන්. භාවනාව කෙරෙහි උදාසීන වෙන්න පුළුවන්. මේ සියල්ල ඔබ තුළ සකස්‌වෙන්නේ පංච නීවරණ වශයෙන්. අරමුණු වේගයෙන් සකස්‌ වෙනවාය කියන්නේ, ඔබ තුළ ඇලීම් ගැටීම්වල ස්‌වභාවය වැඩිය කියන කාරණයයි.

මෙතැනදී ඔබ ඇලෙන්නේ හෝ ගැටෙන්නේ රූපයකට. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත මාරයාය කියලා. එහෙම නම් ඔබ දක්‍ෂ වෙන්න ඕනේ තැනපත්භාවයෙන් තොර ඔබේ සිත මාරයා වශයෙන් දකින්න. දැන් මේ මාරයා තමයි ඔබට බාධා කරන්නේ, සිත සමාධිමත්භාවයට පත්වන්නට ඉඩ නොදී. මේ හඳුනාගැනීම ඔබ කළාට පස්‌සේ ආනාපානසති භාවනාවෙන් සිත බැහැර කරලා විවේකීව, වේගවත් සිතිවිලි දෙස බලා සිටින්න.

ඔබට ධර්ම මාර්ගයේ අවබෝධය කරා යැම වැළැක්‌වීමට මාරයා උපක්‍රමශීලී වෙනකොට ඔබ දක්‍ෂ වෙන්න ඕනේ මාරයාට වඩා උපක්‍රමශීලී වීමට. මාරයාට මාර ධර්මයෙන්ම විරුද්ධ දිශාවට යැමට මාර සිත රැවැට්‌ටීමට ඔබ දක්‍ෂ විය යුතුයි. විවේකීව වාඩිවෙලා වේගයෙන් අරමුණු ගලාගෙන එන සැටි බලා සිටින්න. ඒවායේ ඇතිවීමත්, වැනසීමත්, එම සිතිවිලි සකස්‌වෙන වේගවත්භාවයත් දකිමින් ඔබ ඔබට චෝදනා කරගන්න. ගැටෙන්න එපා. ඔබ තව තව ප්‍රබෝධමත්ව සිතිවිලි දෙස බලන්න. සිතිවිලි සකස්‌වීමේ වේගවත්භාවය කියන්නේ මාරයාගේ වේගය බව දකින්න. මේ වේගවත්භාවයේ වේගයට සමාන වේගයකින් මාරයාගේ ලෝකයේ නැවත උපතකට අවශ්‍ය සංස්‌කාර ධර්මයන් තමන් රැස්‌කොට ගන්නා බව දකින්න. ඔබේ සිතිවිලි ඇලීම්, ගැටීම් ඔස්‌සේ වේගවත් වෙනවාය කියන්නේ අනාගත දුක්‌ උදෙසා වේගවත්ව සංස්‌කාර රැස්‌කිරීම බව දකින්න. ඔබ මුලින්ම භාවනාවට වාඩි වුණේ ආනාපාන සති භාවනාව කරන්නයි. සිත තැන්පත් කරගන්න බැරිව ගියා. නමුත් ඔබේ දක්‍ෂභාවය නිසා දැන් කුමක්‌ද සිද්ධවෙන්නේ. ධම්මානුපස්‌සනාවයි, වේදනානුපස්‌සනාවයි, චිත්තානුපස්‌සනාවයි වැඩෙන්නේ.

ඔබ සිතේ සකස්‌වෙන ගොරහැඩි චංචල සිතිවිලි දෙස බලා සිටියදී එම සිතිවිලිවල චපල බව, රාගික බව, තෘෂ්ණාධික බව, මෛත්‍රීසහගත බව. මේවා දෙයාකාරයක සිතිවිලි. ඒවායේ ඇතිවීම, නැතිවීම දකිනකොට ඔබ තුළ වැඩෙන්නේ විදර්ශනාවයි. ඔබ විනිවිද දකිනවා, සිත විමර්ශනයට ලක්‌කරනවා. මෙහෙම තමයි ඔබ මාර ධර්මයන්ට පහරදිය යුත්තේ.

මුලින්ම ඔබ ආනාපාන සති භාවනාව කරන්න ගිහින් පංච නීවරණ නිසා එයට අවස්‌ථාව ලැබුණේ නැහැ. ඔබ දක්‍ෂ වුණා එම බාධකය වඩාත් ඉහළ ජයග්‍රහණයක්‌ කරා ඔසවා ගන්න. ඒ කියන්නේ විදර්ශනාවට සිත යොමුකරන්න. මේ දක්‍ෂභාවය ඔබ ලබන්න නම්, සිත කියන්නේ මාරයාය කියන කාරණය කමටහනක්‌ ලෙස ජීවිතයට එකතුකරගන්න ඕනේ. එහෙම එකතුකර ගතහොත් ඔබට පුළුවන් භාවනාවට එරෙහිව එන පංච නීවරණයන් ලෙහෙසියෙන් යටපත්කොට දමන්න.

ඔබ උදාහරණයක්‌ හැටියට හිතන්න, භාවනාව කියන්නේ ක්‍රීඩාවක්‌ය කියලා. ඔබේ ප්‍රතිවාදියා තමයි මාරයා. ප්‍රතිවාදියා නිරතුරුවම උපක්‍රම යොදන්නේ ඔබව පරාජයකොට, තමා ජයගන්න. මෙතැනදී ප්‍රතිවාදියා ඔබට එල්ල කරන උපක්‍රමය තමයි පංච නීවරණ. පංචනීවරණ වලින් මාරයා ඔබට දමා ගසද්දී, ඔබට තිබෙන්නේ සංසුන් ඉරියව්වෙන් මාරයාගේ ඉරියව් දෙස බලා සිටීම පමණයි. ඔබේ දැවීයැම ගැන ඔබ සිතන්න එපා. පරාජය ජයග්‍රහණය ගැන ඔබ සිතිය යුතු නැහැ. මොකද පරාජයත්, ජයග්‍රහණයත් යන දෙකම අනිත්‍යභාවයට පත්වන ධර්මතාවයන්. ඒවා අයිති මාරයාටයි. ඔබ මේ උත්සහ ගන්නේ ජය පරාජය දෙකින්ම මිදී අවබෝධයෙන් නිදහස ලබාගැනීමටය. අවබෝධයෙන් නිදහස්‌ වීම යනු ධර්මයේ අර්ථයයි.

ඔබ මේ ක්‍රමවේදය යොදාගනිමින් ආරක්‍ෂා වෙන තරමට, මාරායාට හතිවැටෙන බව ඔබ දැනගත යුතුය. පිංවත් ඔබ වේගවත්ව ඇතිවන අරමුණු දෙස, ඒවා ඇතිවීම, නැතිවීම දෙස බලා සිටින්න. මද සිනහ පහළකරමින් දකින්න. ප්‍රබෝධමත්ව දකින්න. මාර ධර්මයන් හේතුවෙන් මොහොතක්‌ හෝ කම්පා නොවන්න. පසුතැවිලි නොවන්න. කෙළෙස්‌ විඩාවට පත්කොට, තැන්පත් සිතක්‌ සකස්‌කොටගෙන නැවත අවශ්‍ය භාවනාවට යොමුවන්න.

මොනම හේතුවකින්වත් මෙය මෙසේ වියයුතුයි කියා දෘෂ්ටිගත වන්න එපා. කාලසටහන් සාදාගෙන භාවනාවට යොමුවෙන්න එපා. සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි කියමින්, දකිමින් භාවනාවට යොමුවන්න. පිංවත් ඔබ භාවනා කරන විට ඉදිරියට එන පංච නීවරණයන්ගේ ස්‌වභාවය මත ඔබේ ක්‍රමවේදයන් වෙනස්‌ කරගැනීමට දක්‍ෂ වෙන්න. එහෙම ක්‍රමවේදයන් වෙනස්‌ කරගැනීමට ඔබ අදක්‍ෂ වුවහොත් ඔබ තුළ ඇතිවන ගැටලුවලදී ඔබ ගැටෙනවා. එය හරිම අවාසනාවක්‌. ඔබ මේ ඇලීම හැටියටත්, ගැටීම හැටියටත් අත්දකින්නේ ධම්මානුලපස්‌සනාවයි. වේදනානුපස්‌සනාවයි. නමුත් ඔබ මේ උතුම් විදර්ශනා දැක්‌ම අතහැරලා, මගහැරලා ධර්මයත් සමග ගැටෙන දිශාවට යොමුවෙනවා. ධර්මය ඔබට ස්‌පර්ශ වෙන්නේ ගැටෙන්න නෙවෙයි. අවබෝධ කරගන්නයි.

මෙය සටහන් තබන භික්‍ෂුව ලැබූ යම් අවබෝධයක්‌ වෙත්නම්, ඒ අවබෝධයට මහෝපකාරී වූයේ සිතේ ඇතිවූ ඇලීම්, ගැටීම් ස්‌වභාවයන්ගේ තීව්‍රභාවයන්මය. මාරධර්මයන් නිසා භික්‍ෂුවගේ සිතේ ඇති වූ ඇලීමේ, ගැටීමේ ස්‌වභාවයන් දෙස ධර්මානුකූලව විදර්ශනා ඥානයෙන් බලමින් එම ඇලීම් ගැටීම් මගේ කර නොගෙන, ඒවායේ නිර්මාතෘවරයා දෙසටම එල්ල කිරීමට භික්‍ෂුව දක්‍ෂ විය .එම ක්‍රියාවලිය කොතෙක්‌ සුක්‍ෂම, දක්‍ෂ ආකාරයට භික්‍ෂුව කළාද කිවහොත් අවසානයේදී, මාරයාගේම ඇලීමේ ගැටීමේ ස්‌වභාවය තීව්‍රවී, මාරයා අමතක නොවන පාඩමක්‌ භික්‍ෂුව වෙතින් ඉගෙන ගත්තේය. ඔහු දැන් බියට පත්වී හමාරය. ඔහු බියට පත්කළේ ඔහුගේ ධර්මතාවයන් මගේ කර නොගෙන, ඔහුටම පෙරළා යෑවීම නිසාය. පෙරලා ගැසීම නොවේ. පෙරළා යෑවීම නිසය. පෙරලා ගැසීම යනු මාරයා සතුටුවන දෙයයි. මොකද එතැන ඇත්තේ ගැටීමයි, ව්‍යාපාදයයි. මාර ධර්මයන් පැමිණි විලසින්ම පෙරළා යෑවීම මාරයා ගැටෙන ස්‌වභාවයයි. මාරයා පීඩාවට පත්කරන ස්‌වභාවයයි.

61-භාවනාවට පෙර… අතීත ශක්‌තීන් අවබෝධයෙන් ආයෝජනයට ගන්න

2014-01-05

අතීත භව කාන්තාරයේ ඔබ අයිති කොටගත්, දේ ගැන නැවත නැවත කමටහනක්‌ කොට මෙනෙහි කරන්න. ඔබ අතීතයේ ධ්‍යානලාභීන් ලෙස, අහසින් ගමන් කළ හැටි, දියමත ගමන් කළ හැටි, මෛත්‍රි ධ්‍යාන ලබා මනුෂ්‍යයින් දෙවියන් බ්‍රහ්මයින් වසඟයට ගත් හැටි, මෙනෙහි කරන්න. මේ අතීත භවයන්හිදී ඔබ කළ දේවල් ගැනයි මෙනෙහි කරන්නේ.

අතීතයේ එහෙව් අසිරිමත් කෙනෙක්‌ ඔබ. මේවා මෙනෙහි කරමින් ආත්ම විශ්වාසය, ආත්ම ශක්‌තිය වර්ධනය කරගන්න. ඔබ කවුද කියන කාරණය අතිශෝක්‌තියෙන් තොරව ඔබ දකින්න. ඔබ අතීත භවයන්හිදී නවත්වපු තැන මෙනෙහි කරන්න. ඔබ තුළ සැඟවුණු අයෝමය ශක්‌තිය මෙනෙහි කරමින් මතු කොට ගන්න. පිංවත් ඔබට සුනීතට සෝපාකට, කිසාගෝතමියට පිහිට වූවා සේ ඔබව ආශ්චර්යමත් පෙළහර මතුකොට දී සත්‍ය පසක්‌ කොට දෙන්න. වර්තමානයේ ජීවමාන ලොව්තුරා බුදුරජාණාන් වහන්සේ නමක්‌ නැහැ. ඒ නිසා ඔබ කවුද කියන කාරණය ඔබ තුළින්ම මතු කොට ගන්න.

මාන්නයෙන් තොර වූ අයෝමය ආත්මශක්‌තියත් ඔබ තුළින්ම මතු කොටගෙන, භාවනාවට යොමු වෙන්න. සමාධියේ ආශ්වාදය උදෙසා නොව, වේදනාවේ නිරෝධය සඳහා ඉලක්‌කය යොමු කරන්න. අතීතයේ ඔබ දිග්විජය කළ ධ්‍යාන ඵලයන් ගැන නැවත වර්තමානයේ මොහොතක්‌ හෝ, තෘෂ්ණාව ඇති නොකරගන්න. එවැනි සිතුවිල්ලක්‌ සකස්‌ වෙන මොහොතක සතුරා තෘෂ්ණාව නිසා අරමුණු වන, සෑම රූපයක්‌ම අනිත්‍ය සංඥාවෙන්ම මෙනෙහි කරන්න. කොතැනකවතA තෘෂ්ණාවට ඉඩක්‌ සකස්‌ කරන්න එපා. තෘෂ්ණාවට ඉඩක්‌ සකස්‌ කළොත් එහි ඵලය, දුකම බව දකින්න. අතීත භවයන්හිදී රූපී අරූපී බ්‍රහ්මතල ස්‌පර්ශ කිරීමට සමත් ධ්‍යාන ශක්‌තිය ඔබ ලැබූවත් එම සංස්‌කාරයෝ අනිත්‍ය බව මේ මොහොතේ ඔබේ ජීවිතය තුළින් දකින්න.

යමක්‌ අනිත්‍ය නම්, එය දුකයි නේද? එසේනම් එම දුක පසුපස පරණ පුරුද්දට නැවත නොයන්න. මෙය සටහන් කරන භික්‍ෂුව එක තත්පරයකදී හෝ ධ්‍යාන අවස්‌ථාවක්‌ පිළිබඳ තෘෂ්ණාවක්‌ සකස්‌කොට නොගත් බව කියමි. අනිත්‍යභාවයට පත්වන ධ්‍යානයන්, ධ්‍යාන ස්‌වභාවයෙන්ම තිබේවී. නැතිවේවී. ඔබ ඒ දුක කරට ගන්න යන්න එපා. දුක ප්‍රයෝජනයට ගෙන සැබෑම සැපය ලබාදෙන මාර්ගයට අවතීර්ණ වන්න. පිංවත් ඔබ භාවනාවට යොමුවෙන්නේ හුදු කායික මානසික විවේකයක්‌ සකස්‌කොට ගැනීමට නම් ඉහත අදහස්‌ ඔබට නොගැලපෙනවා වෙන්න පුළුවන්. නමුත් එවැනි පිංවතුන් සිතන්න ඕනේ, අනිත්‍යභාවයට පත්වෙන විවේකයක්‌ උදෙසා, අනිත්‍යභාවයට පත්වෙන සමාධියක්‌ පසුපස යැම අර්ථයක්‌ නොවන බව.

සමාජය සංකීර්ණභාවයට පත්කර ඇත්තේ තෘෂ්ණාව විසින්මයි. එම සංකීර්ණභාවයෙන් ඔබ තුළ සකස්‌වෙන මානසික පීඩනයෙන් මිදීම සඳහා, ඔබ සමාධි භාවනාවක්‌ කෙරෙහි තෘෂ්ණාව සකස්‌කොටගෙන භාවනාවට යොමුවෙනවා. එය බොහොම හොඳ දෙයක්‌. නමුත් මෙතැනදි ඔබ දක්‍ෂ නම්, ඔබ තුළ ඇතිවන මානසික පීඩනය සකස්‌ කළෙත් තෘෂ්ණාවයි, ඉන් මිදීමට සමාධිභාවනාවන් කෙරෙහි සකස්‌ වුණෙත් තෘෂ්ණාවමයි කියලා හිතන්න, ඒ ඔබ දකින්නේ තෘෂ්ණාවෙන් මිදීමේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඔබ එක සිතිවිල්ලක්‌ නුවනින් සකස්‌කොටගත් සැනින්, අර්ථවත් ලෙස මාර්ගයට අවතීර්ණ වෙනවා. මොකද ඔබ අතීතයේ රූපී, අරූපී සංඥා ස්‌පර්ශ කර අත්දැකීම් තියෙන නිසා. ඒවා අනිත්‍යයි කියන සංඥාව මතුකරගැනීමට ඔබට අපහසු නැහැ. එසේ නොවුනහොත් ඔබ අතීත භවයන්හිදී පටලවාගත් සේ, මෙවරද පටලවාගනු ඇත. භාවනා කිරීමට කැමැත්ත අත්‍යවශ්‍යය. එහෙත් ඔබගේ සිත සමාධිමත් භාවයට පත්වූ සැනින්, එම කැමැත්ත අනිත්‍ය සංඥාවට යොමුකිරීමට ඔබ දක්‍ෂ විය යුතුය. කැමැත්තෙත්, අකමැත්තෙත් අනිත්‍යභාවය ඔබ විදර්ශනාවට ලක්‌කළ යුතුය. ඒ නිසා අනිත්‍යභාවයට පත්වෙන සමාධිමත් සිත උපයෝගිකරගෙන ප්‍රඥාවේ ඇත්ත සොයායැමයි ඔබ කළ යුත්තේ. ඔබ අතීතයේ නොකළ එකම දෙයත් එයමයි. එම නිසා අතීතයේ නොකළ එකම දෙය වර්තමානයේ කරන්න. තමා තමාව කමටහනක්‌ කරගන්න.

දුර බලන්න අවශ්‍ය නැහැ. ළඟ බලන්න අවශ්‍යත් නැහැ. තමා තමා දෙස බලන්න. මොකද ඔබ ගොඩනගාගත් ලෝකය තිබෙන්නේ තමා තුළ නිසා. තෘෂ්ණාව නිසා තමා තුළ තමා සකස්‌කොටගෙන ඇති ලෝකය දෙස බලන්න. ඒ ලෝකය තුළ ඇස, කන, නාසය, දිව, මනස, කය තිබෙනවා. ඒ ලෝකය තුළ ඉර, හඳ, තරු, අම්මා, තාත්තා, දරුවා සිටිනවා. ඔබ මේ සියල්ල මගේ ලෝකය තුළ බැඳගෙන සිටින්නේ තෘෂ්ණාව නැමැති යදමින්. තෘෂ්ණාව නැමැති සංසාරයක්‌ පුරාවට ශක්‌තිමත්ව වැඩුණු යදම ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන්කර සිඳ දමා ගතහොත් ඔබට ඉහත ලෝකය අතහැරෙනවා.

නමුත් රහතන් වහන්සේටත් ඇසක්‌, කනක්‌, දිවක්‌, නාසයක්‌, මනසක්‌, කයක්‌ තිබෙනවා. අහස, පොළොව, අම්මා, තාත්තා ඉන්නවා. නමුත් මේවා මගේ කරගත් තෘෂ්ණාව ක්‍ෂයවෙලා. ලෝකයට අයිති දුකෙන් නිදහස්‌ වෙලා. ඔබ භාවනා කිරීමට පෙර, දුකත්, දුකට හේතුවත් වෙන්කොට හඳුනාගන්න. මේ දෙවල් මෙනෙහි කරන්න පිංවත් ඔබට එරමිනියා ගොතාගෙන ඉන්න අවශ්‍යම නැහැ. විවේක සෑම මොහොතකම මේ කාරණා ගැන මෙනෙහි කරන්න.