චිත්තානුපස්‌සනාව – 16

අතීතය සිහිනයක්‌ පමණයි වත්මනද ඒ වගේමයි


පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.

වේදනාවේ අනිත්‍යභාවය පුහුණු වෙනකොට අතීත, වර්තමාන, අනාගත, වශයෙන් වේදනාවේ අනිත්‍යභාවය දකින්න පුහුණුවෙන්න ඕනේ. මුලින් වර්තමාන වේදනාවේ අනිත්‍යභාවය නුවණින් දකින්න. දැක්‌ක දෙය, ඇසුණ දෙය, දැනුණ දෙය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා, වර්තමානයේ ඔබ තුළ සකස්‌වෙන සෑම සැප, දුක්‌, උපේක්‍ෂා සහගත විඳීමක්‌ම නිත්‍යද? අනිත්‍යද?

වර්තමානයේ සකස්‌වෙන සෑම විඳීමක්‌ම අනාගතයට සංස්‌කාරයන් රැස්‌කොටදීලා අනිත්‍යවෙලා යනවා. වර්තමානයට සිත යොමුකරලා, සකස්‌වෙන සෑම විඳීමකම අනිත්‍යභාවය නුවණින් දකිමින් අතීත වේදනාවන්ගේ අනිත්‍යභාවය නුවණින් මතුකොටගෙන දකින්න.

පිංවත් ඔබ ඔබේ අම්මාගේ මව්කුසේ ගර්භාෂ කුටියේ සිරවී සිටියදී, එම කළල රූපයට දැනුණ විඳීම් නිත්‍යද අනිත්‍යද? ඔබ ලෝකයට බිහිවෙන වේලාවේ ඔබට දනුණ දුක්‌ වේදනාව නිත්‍යද අනිත්‍යද? වෙනස්‌වෙලා ගියා. අනිත්‍ය වී ගියා.

ඔබ මෙලොවට බිහිවූ මොහොතේ පටන් අම්මා, තාත්තා, ඥාතීන්, සහෝදරයන් නිසා සකස්‌වූ සෑම දුක්‌, සැප, උපේක්‍ෂා විඳීමක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ඔබ පුංචි කාලයේදී අම්මා ඔබව නළ වනකොට, අම්මාගෙන් කිරි උරා බොනකොට, අම්මාගෙන් උණුසුම ලබනකොට, තොටිල්ලේ නැළවෙනකොට. සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කරනකොට, ළදරු පාසලට යනකොට…. ඇතිවූ සෑම සැප වේදනාවක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. පාසල් ජීවිතය මොහොතක්‌ සිහිපත්කොට ගන්න. ඔබ හාපුරා කියලා පාසලේ පළමු වසරට ඇතුළත් වූ දවස… මේ සෑම සැප වේදනාවක්‌ම සිsහිනයක්‌ පමණක්‌මයි. වෙනස්‌වී ගියා. . අහිමිවී ගියා. අනිත්‍ය වී ගියා. ඔබේ උසස්‌ අධ්‍යාපනය, මුල්ම රැකියාව, ව්‍යාපාරය, තාරුණ්‍යය, ආදරය, විවාහය, කුළුඳුල් දරු උපත… මේ සෑම සැප වේදනාවක්‌ම අනිත්‍යවී ගිය හැටි නුවණින් දකින්න.

පිංවත් ඔබට අතීතයේ අම්මා, තාත්තා ගහනකොට, බණිනකොට, සැරකරනකොට, අසත්පුරුෂ මිතුරන් මුණගැසෙනකොට, අකමැති දේවල් සිදුවෙනකොට, අතීතයේ මොනතරම් දුක්‌ වේදනාවන් අත්වෙන්නට ඇතිද? මේ සෑම දුක්‌ වේදනාවක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌වී ගියා. අතීතයේ පිංවත් ඔබ සැප, දුක්‌ වේදනාවන්ට බැඳෙන්නේ නැතිව, සැප, දුක දෙකම උපේක්‍ෂාවෙන් දරාගෙන මොනතරම් ජීවත්වෙලා තිබෙනවාද. ඇලීම් ගැටීම් ඉදිරියේ මොනතරම් ඔබ උපේක්‍ෂාවෙන් යුතුව ක්‍රියාකොට තිබෙනවාද. ඒ සැම අතීත උපේක්‍ෂා සහගත විඳීමක්‌ම අනිත්‍යව ගියා. අතීතයේ ඔබ අත්වින්දාවූ සෑම දුක්‌වේදනාවක්‌ම උපේක්‍ෂා සහගත විඳීමක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න.

පිංවත් ඔබේ ඊයේ දවසට සිත යොමුකොට, දවස පුරා ඔබ තුළ සකස්‌වූ සෑම සැප වේදනාවක්‌ම, දුක්‌ වේදනාවක්‌ම, උපේක්‍ෂා සහගත වේදනාවක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකිමින් වේදනාව අනිත්‍යයි.. අනිත්‍යයි.. අනිත්‍යයි වශයෙන් අර්ථවත්ව දකින්න. පුහුණු වෙන්න.

පිංවත් ඔබ වේදනාවේ අනිත්‍යභාවය පෙර භවයන්ට නුවණින් යොමුකරන්න. අතීත භවයන්හිදී ඔබ පැවිදි උපසම්පදාව ලබලා, දස දහස්‌ ගණන් පිංවතුන් වටකොටගෙන ධර්ම දේශනා, පිංකම් පවත්වපු වේලාවේ, අතීතයේ ඔබ බුදුරජාණන්වහන්සේලා, පසේ බුදුරජාණන්වහන්සේලා, මහරහතන් වහන්සේලා මුණගැසුණු වේලාවෙ ඇතිවූ සැප වේදනාවන් මනසින් මවාගන්න. අතීතයේ ඔබ සක්‌විති රජු වෙලා, මුළු ලෝකයම දිග්විජය කරනකොට, දිව්‍ය අප්සරාවක්‌ බඳු ස්‌ත්‍රී රත්නය ඇසුරු කරද්දී, සෘධිමත් අජානීය අසුපිට, ඇතුපිට ගමන්කරද්දී පිංවත් ඔබ මොනතරම් සැප වේදනාවන් ලබන්නට ඇතිද. අතීතයේ ඔබ සක්‍ර දෙවියන් වෙලා, ලැබූ අසිරිමත් දිව්‍ය විඳීම් දිව්‍ය අප්සරාවන්, දිව්‍ය නැටුම්, ගැයුම්, වැයුම් , දිව්‍ය භෝජන… මොනතරම් දිව්‍ය සැප වේදනාවන් ලබන්ට ඇතිද.

අම්මලා, තාත්තා, ඥාතීන්, දරුවන්, සත්පුරුෂ ආශ්‍රයන් නිසා අතීත භවයන්හිදී මොනතරම් සැප වේදනාවන් ලබන්නට ඇතිද. මේ සෑම සැප වේදනාවක්‌ම වෙනස්‌වී ගිය හැටි, විකෘතිවී ගිය හැටි, අනිත්‍යට ගිය හැටි නුවණින් දකින්න.

සංසාරයේ ඔබ ලැබූ සෑම සැප වේදනාවක්‌ම අනිත්‍ය වූ තැනදී, අසත්පුරුෂ ආශ්‍රයන් ලැබුණ තැනදී, අබුද්ධෝත්පාද කාලයන් මුණගැසුණ අවස්‌ථාවන්හිදී, කල්ප විනාශයන්ට හසුවී ඉරවල් හතක උණුසුමට පිච්චි, පිච්චී මියගිය අවස්‌ථාවන්හිදී , සතර අපායන්ට වැටී ප්‍රේත ලෝකවල සෙම් සොටු කමින්, අකුසල් නිසාම ප්‍රේත ශරීර රිදුම් දෙමින් මොනතරම් කටුක දුක්‌වේදනාවන් විඳන්නට ඇතිද. තිරිසන් කුලවල ඉපදිලා, වෙනත් සතුනට ගොදුරුවීමෙන්, මිනිසුන් අමු අමුවේ අපිව මරාගෙන කෑමෙන් මොතරම් කටුක දුක්‌ වේදනා සංසාරයේ විඳින්ට ඇතිද? නිරයන්ට වැටී පටිච්චසමුප්පන්නව ඔබත් මමත් ගින්දර, යෝධි සමඟ වින්දාවූ සෑම දුක්‌වේදනාවක්‌ම වෙනස්‌වී ගියා. අතීත භවයන්හිදී කැමති දෙය සිද්ධ නොවෙනකොට, අකැමැති දෙය සිද්ධවෙනකොට, එම කැමැත්ත, අකමැත්ත කොච්චර නම් උපේක්‍ෂාවෙන් දරාගත්තාවූ අවස්‌ථා ඇතිද. ඒ සැම අතීත උපේක්‍ෂා විඳීමක්‌ම අනිත්‍ය වී ගියා. පිංවත් ඔබට දැන් වැටහෙනවා. අතීතයේ, වර්තමානයේ ඔබ වින්දාවූ සෑම සැප දුක්‌ උපේක්‍ෂා විඳීමක්‌ම අනිත්‍ය වී ගිය ධරමතාවයන්ය කියලා.

චිත්තානුපස්‌සනාව – 19

හඳුනාගැනීම කාලයට අනුව වෙනස්‌වන හැටි දකින්න
(සංඥාවේ, හඳුනාගැනීමේ අනිත්‍ය බව වටහා ගනිමු)

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සංඥාව තුළත්, විඤ්ඤාණය බැසගෙන සිටිනවාය කියලා. එක පිංවත් දරුවෙක්‌ සිටිනවා, එම දරුවා කුඩා ළමා කාලයේදීම කිසිම මස්‌ මාංශ වර්ගයක්‌ ගෙදරට ගෙනෙන්නට දෙන්නේ නැහැ. මේ දරුවාට මස්‌ මාංශ හරිම පිළිකුල්. නමුත් කවුරුවත්ම, ඒ දරුවට මස්‌ මංශවල ගුණ අගුණ කියා දීලත් නැහැ. මස්‌ මාංශවලට අදාළ කිසිම දේශනයකට, පාඩමකට මේ දරුවා සවන් දීලත් නැහැ. දෙමාපියනුත් නිර්මාංශ පිංවතුන් නොවේ. නමුත් මේ දරුවා පෙර ජීවිතයේදී දැඩි නිර්මාංශ දෘෂ්ඨියක්‌ ගත්ත පිංවතෙක්‌. දරුවාගේ වර්තමාන හඳුනාගැනීම් තුළ, පටිච්ඡසමුප්පන්නව සකස්‌වෙන විඤ්ඤාණය බැසගෙන තිබෙනවා.

එක පිංවත් මහත්මයෙක්‌ සිටිනවා, එම මහත්මයා ටිකක්‌ විරුපී මහත්මයෙක්‌. ගොඩක්‌ ප්‍රශ්න අතර සිරගත වූ මහත්මයෙක්‌. ඒ මහත්මයා ගින්දර සමග, ගිනි රස්‌නය සමග මුහුන් කරන රැකියාවක්‌ තමයි තමන්ගේ ආදායම් මාර්ගය හැටියට සොයාගත්තේ. එක්‌කෝ පාන් බේකරියක, තේ කර්මාන්තශාලාවක දර උදුන නැතිනම් යකඩ උණුකරන රැකියාවක්‌, කම්මල් රැකියාවක්‌. ගින්දරත් සමග කෙරෙන හඳුනාගැනීම්වලට මොහු හරිම කැමැත්තක්‌ දක්‌වනවා. මොහු පෙර ජීවිතයක දීර්ඝ කාලයක්‌ ගිනි නිරයක සිට මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුව පිංවතෙක්‌. පටිච්ඡසමුප්පන්නව සකස්‌වෙන විඤ්ඤාණය, සංඥාව හඳුනාගැනීම් තුළ බැසගෙන තිබෙනවා.

එක පිංවත් පිරිමි දරුවෙක්‌ සිටිනවා. එම සිඟිති දරුවා, තමන් පිරිමින් යෑයි හඳුනාගත් අයගේ අතට පමණයි යන්නේ. අම්මා ළඟ නැලවෙන්න, අම්මා ළඟ නිදාගන්න මේ දරුවා කැමති නැහැ. තාත්තාගේත් පිරිමි පක්‍ෂයේ ඥාතීන්ගේත් අතට තමයි මේ දරුවා වැඩිපුර යන්නේ. පිරිමි පක්‍ෂයේ හඳුනාගැනීම් වලටයි වඩාත් කැමති. මේ දරුවා පෙර ජීවිතයේ කාමයන්ට අදාළ ශිල්පද හොඳින් ආරක්‍ෂා කරගත් භික්‍ෂුවක්‌. පටිච්ඡසමුප්පන්නව සකස්‌වෙන විඤ්ඤාණයේ හුරුව, ගුණය, වර්තමාන සංඥාව, හඳුනාගැනීම තුළ බැසගෙන සිටිනවා.

පිංවත් ඔබ වර්තමාන සංඥාවන්ගේ අනිත්‍යභාවය දකිමින් අනිත්‍ය සංඥාවට, එසේත් නැතිනම් හඳුනාගැනීම්වලට සිත යොමු කරන්න. ඔබ මවුකුසේ සිටීම මොනතරම් ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් හඳුනාගැනීම් ඇතිකොටගන්න ඇතිද. ඔබ මව්කුසේ සිටියදී ඔබ පෝෂණය වුණු ගර්භාෂය  තමාගේ නිත්‍ය වූ නිවහන, ස්‌ථානය වශයෙන් හඳුනාගත්තා මතකද? මේ අම්මාගේ කටහඬ, මේ තාත්තාගේ කටහඬ, මේ අම්මාගේ උණුසුම, මේ තාත්තාගේ උණුසුම කියා ඔබ හඳුනාගත්තා මතකද? මේ මව්කිරි, මේ පිටිකිරි කියා ඔබ හඳුනාගත්තා මතකද? මේ බෝනික්‌කෙක්‌, මේ හාවෙක්‌ කියා හඳුනාගත්තා මතකද? මේ එකේ පංතියේ ගුරුතුමිය, මේ දෙකේ පංතියේ ගුරුතුමිය වශයෙන් හඳුනාගත්තා ඔබට මතකද? මේ සාමාන්‍ය පෙළ විභාගය, මේ උසස්‌ පෙළ විභාගය කියලා හඳුනාගත්තා මතකද.

මේ හැම අතීත හඳුනාගැනීමක්‌ම, සංඥාවක්‌ම වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. සෑම අතීත හඳුනාගැනීමක්‌ම අනිත්‍ය වී ගියා. විකෘති වී ගියා. අහිමිවී ගියා. පුංචි කාලයේ, ළමා කාලයේ ඔබ හඳුනාගත්තේ ඔබේ එකම ආරක්‍ෂකයා අම්මා තාත්තාය කියලා. ඔබ විවාහ වුණාට පස්‌සේ ඒ අතීත හඳුනාගැනීම වෙනස්‌වෙලා, ඔබේ ආරක්‍ෂකයා බවට පත්වූයේ බිරිඳ හෝ ස්‌වාමිපුරුෂයායි. ඔබ වයසට යනකොට එසේත් නැතිනම් කළ්‍යාණමිත්‍ර ආශ්‍රය ලබනකොට ආයෙමත් මේ හඳුනාගැනීම වෙනස්‌ වෙනවා. මගේ ආරක්‍ෂකයා වශයෙන් හඳුනාගත් අම්මා තාත්තා බිරිඳ ස්‌වාමිපුරුෂයා මගේ සැබෑ ආරක්‍ෂකයා නොව, උතුම් සද්ධර්මයයි මගේ ආරක්‍ෂකයා කියලා හඳුනාගන්නවා. සෑම අතීත හඳුනාගැනීමක්‌ම මොහොතින් මොහොත වෙනස්‌ වෙනවා.

ඊයේ රතු පැහැතියි කියලා හඳුනාගත් ඇඳුම, ලබන වසරේ අවපැහැගැන්විලා යනවා. ඊයේ සත්පුරුෂයෙක්‌ කියලා හඳුනාගත් පුද්ගලයා හෙට දවසේ අසත්පුරුෂයෙක්‌ වශයෙන් හඳුනාගන්නවා. මෙයා නායකයෙක්‌ය කියලා හඳුනාගත් පුද්ගලයා ටික දවසකින් සිරකරුවෙක්‌ය කියලා හඳුනාගන්නවා. රට, ජාතිය, ආගම, සුදු, කළු, හොඳ, නරක මේ සෑම අතීත හඳුනාගැනීමක්‌ම වෙනස්‌වී ගියා නම්, අනිත්‍ය වී ගියා නම්, නුවණින් දකිමින් අතීත හඳුනාගැනීම්වල අනිත්‍යභාවය මතුකොටගෙන නුවණින් විමසා බලන්න.

චිත්තානුපස්‌සනාව – 18

ඊළඟ මොහොත මේ මොහොතෙන් වෙනස්‌ වන්නේ කුමක්‌ නිසාද?
(සංඥාවේ, හඳුනාගැනීමේ අනිත්‍ය බව වටහා ගනිමු)

අතීතයේ, වර්තමානයේ ඔබ වින්දා වූ සෑම සැප, දුක්‌, උපේක්‍ෂා වේදනාවක්‌ම අනිත්‍ය වී ගියානම්, අහිමි වී ගියානම්, අනාගතයේ රට, ජාතිය, ආගම නිසා අම්මා, තාත්තා දරුවන් නිසා රැකියාව, ව්‍යාපාරය නිසා මට මෙවැනි සැප වේදනාවක්‌ ලැබෙනවා කියල බලාපොරොත්තු වෙනවා නම් එම අනාගත සැප වේදනාව නිත්‍ය වෙයිද? අනිත්‍ය වෙයිද? අනාගතයේ මම දෙවියෙක්‌ වෙලා බ්‍රහ්මයෙක්‌වෙලා, සශ්‍රීක මනුෂ්‍යයෙක්‌ වෙලා මෙවැනි සැප වේදනාවන් ලබනවාය කියල බලාපොරොත්තු වෙනවා නම් එම සැප වේදනාවන් නිත්‍ය වෙයිද? අනිත්‍ය වෙයිද? අතීත වර්තමාන වේදනා ස්‌කන්ධය අනිත්‍ය වී ගියානම් අනාගතයේ ඔබ බලාපොරොත්තු වන විඳීම් අනිත්‍ය වන ධර්මතාවක්‌මයි. අතීතයේ වර්තමානයේ සකස්‌ වූ සෑම දුක්‌ වේදනාවක්‌ම, උපේක්‍ෂා වේදනාවක්‌ම අනිත්‍ය වී ගියානම්, අනාගතයේ සකස්‌ වෙන සෑම දුක්‌ වේදනාවක්‌ම උපේක්‍ෂා වේදනාවක්‌ම “අනිත්‍යයි අනිත්‍යයි” වශයෙන් නුවණින් මෙනෙහි කරන්න.

අතීතයේ ශක්‍ර ජීවිතයේ සැප වේදනාවත් අනිත්‍ය වී ගියා නම්, මේ ජීවිතයේ සැප වේදනාද අනිත්‍යයි දකිමින්, සැප වේදනාවට නොඇලී ඉන්න. අතීතයේ සතර අපායෙන් විඳි, දුක්‌ වේදනාවන් අනිත්‍යවී ගියා නම් මේ ජීවිතයේ ඔබ විඳිනා දුක්‌ වේදනාද අනිත්‍යයි. එම නිසා දුක්‌ වේදනාවන්ටත් ගැටෙන්න එපා. සැප වේදනාවට නොඇලෙන තැන දුක්‌ වේදනාවට නොගැටෙන තැන ඔබ ඉන්නේ උපේක්‍ෂා වේදනාව තුළයි. ඒ උපේක්‍ෂා වේදනාව ඔබ අනිත්‍යයි කියල අවබෝධ කරගන්නේ උතුම් අරිහත් ඵල අවබෝධය ලබන අවස්‌ථාවේදියි.

ධර්ම මාර්ගයේ ගමන් කරන පිංවතුන්ලාගේ සිත කමටහනක්‌ ඔස්‌සේ තැන්පත් වෙනකොට එම සැප වේදනාවට බැඳී යනවා. සිත විසිරී යනකොට සිත විසිරීයැමේ දුක්‌ වේදනාවට ගැටෙනවා. පිංවත් ඔබ නොවිසිරෙන, විසිරෙන සිතුවිලි ඉදිරියේ අනිත්‍යයේ අර්ථය මතුකරගනිමින් උපේක්‍ෂාව තුළටම පැමිණෙන්න දක්‍ෂවෙන්න ඕන. උපේක්‍ෂාව කියන අර්ථය තුළදියි, ධර්මය ඔබ තුළ වැඩෙන්නේ. ධර්ම මාර්ගයේ අවසන් අදියරේදියි, පිංවත් ඔබ උපේක්‍ෂාවේ අනිත්‍යභාවය දකින්නේ. එතෙක්‌ උපේක්‍ෂාව ඔබව මාර්ගයේ ඉදිරියටම රැගෙන යැමට උපකාරක ධර්මයක්‌ම වෙනවා.

දැන් පිංවත් ඔබට වැටහෙනවා ඇති පංචඋපාදානස්‌කන්ධයට අදාළ වේදනාව කියන ධර්මතාව විඤ්ඤාණය බැසගෙන සිටින වේදනාව කියන ධර්මතාව අනිත්‍ය වශයෙන් දැකීමට නම් පිටකොන්දේ වේදනාවට, දණහිසේ වේදනාවට වේදනාවයි වේදනාවයි සිත සිතා සිටීමෙන් පමණක්‌ මේ වේදනාවට ඇති තෘෂ්ණාවේ ප්‍රශ්නය විසඳීමට නොහැකි බව. මාරයා මෙවැනි සීනිබෝල කමටහන් තුළ ඔබව සිරගතකර යථාර්ථය වසන් කිරීමට උත්සාහ කරන පංචඋපාදානස්‌කන්ධ ලෝකයක්‌ තුළ පිංවත් ඔබ අතීත, වර්තමාන, අනාගත වශයෙන් සැප, දුක්‌, උපේක්‍ෂා විඳීම්වල අනිත්‍යභාවය අර්ථවත්ව නුවණින් මතුකරගනිමින් ඔබේ විවේකීභාවය වේදනාවේ අනිත්‍යභාවය දැකීම උදෙසා යොමුකරගන්න දක්‍ෂ වෙන්න.

පිංවත් ඔබ පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළව ඇසෙන් රූපයක්‌ දකිනවා. කනෙන් ශබ්දයක්‌ අහනවා, නාසයට ගඳ සුවඳත් දැනෙනවා, දැක්‌ක දෙයට, ඇසුණ දෙයට, ඔබ ඇලෙනවා ගැටෙනවා උපේක්‍ෂා සහගත වෙනවා. ඇලුණ ගැටුණ උපේක්‍ෂා සහගත වුණ දෙයට ඔබ මොකද කරන්නේ. ඔබ හඳුනාගන්නවා. හඳුනා ගන්නවා කියල කියන්නේ සංඥාවට. වේදනාව නිසා සකස්‌ වූ ඵලයයි, සංඥාව හෙවත් හඳුනාගැනීම. ‘වේදනා නිරෝධා සංඥා නිරෝධෝ’

පිංවත් ඔබ දැන් බොහෝම සියුම්ව ඔබ තුළ සිදුවන පංච උපාදානස්‌කන්ධ ක්‍රියාවලියට අදාළ මුල් සිදුවීම් පෙළ නුවණින් දකින්න. මුලින්ම ඔබ ඇසෙන් රූපයක්‌ දකිනවා. දැක්‌ක රූපයට ඔබ ඇලෙනවා ගැටෙනවා. නැතිනම් උපේක්‍ෂා සහගත වෙනවා. තෙවැනිව ඔබ එම රූපය හඳුනාගන්නවා. මේ මගේ තාත්තා, අම්මා, නංගී මල්ලී කියල හඳුනාගන්නවා.

මනුෂ්‍යයෝ සියයක්‌ සිටින තැන ඔබේ අම්මා සිටියොත් එක ක්‍ෂණයෙන්ම ‘මේ මගේ අම්මා’ කියල හඳුනාගන්නවා. මේ සුදුපාට, රතුපාට, නිල්පාට වශයෙන් හඳුනාගන්නවා. මොහු ජපන් ජාතිකයෙක්‌, මොහු ඇමරිකානු ජාතිකයෙක්‌ වශයෙන් හඳුනාගන්නවා. දැන් පිංවත් ඔබ නුවණින් මෙනෙහි කර බලන්න. ඔබ වර්තමානයේ යම් රූපයක්‌ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් මනසින් හඳුනාගත්තා නම් ඒ සෑම හඳුනා ගැනීමක්‌ම අනිත්‍යයි නේද? මේ මොහොතේ මනුෂ්‍යයෙක්‌ වශයෙන් හඳුනාගත් රූපයක්‌ ඊළඟ මොහොතක දෙවියෙක්‌, ප්‍රේතයෙක්‌, තිරිසන් සතෙක්‌ වෙන්න පුළුවන්. මේ මොහොතේ නිල් පැහැයට තිබෙන ආකාසය ඊළඟ මොහොතේ කළු පැහැ ගැන්වෙන්න පුළුවන්. මේ මොහොතේ ජපන් ජාතිකයෙක්‌ ලෙස හඳුනාගත් රූපය, ඊළඟ මොහොතේ මියගොස්‌ අප්‍රිකානු ජාතිකයෙක්‌ වෙන්න පුළුවන්. වර්තමානයේ පිංවත් ඔබ තුළ සකස්‌ වෙන්නා වූ සෑම සංඥාවක්‌ම, හඳුනාගැනීමක්‌ම වෙනස්‌ වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. විකෘති වෙලා යනවා.

චිත්තානුපස්‌සනාව – 16

සැපත්, දුකත්, උපේක්‍ෂාවත් අනිත්‍යයෙන් විනිවිද දකින්න


පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.

මෙය සටහන් තබන භික්‍ෂුවගේ වසර 44 වන ගිහි ජීවිතය පුරාවට භික්‍ෂුව වැඩියෙන්ම අත්වින්දේ දුක්‌ වේදනාවන්. මේ හැම දුක්‌ වේදනාවක්‌ තුළම, පටිච්ඡසමුප්පන්නව ගලාගෙන පැමිණෙන, සංස්‌කාර පච්ඡයා විඤ්ඤාන කියන ධමර්තාවය, මුසුවී තිබෙන බව පසුකාලීනව මට වැටහුණා. අතීත භවයන්හිදී පටිච්ඡසමුප්පන්නව කරගත් අකුසල් විපාකයන්, දුක්‌ වේදනාවන් හැටියට ජීවිතය ඉදිරියට පැමිණෙනකොට, දුක්‌ වේදනාවට හේතුව ධර්මානුකූලව හඳුනාගෙන තිබුණු නිසාම, මා ඉදිරියට පැමිණි හැම දුක්‌ වේදනාවක්‌ම, මම උපේක්‍ෂාව කියන තැනට ගන්න දක්‍ෂ වුණා. නමුත් ජීවිතයේ අත්වින්ද සැප වේදනාවන් නම් උපේක්‍ෂාව කියන තැනට ගන්න මම අපොහොසත් වුණා. එම නිසාම සැප වේදනාවන් තුළට නැවත නැවත කිඳාබසිමින්, එම සැම වේදනාවන්ද අසීමිතව අත්විඳීම තුළින්, දුක්‌ වේදනාවන් බවට පත්කොටගත්තා. අන්න ඒ දුක්‌ වේදනාවන් තමයි, දෙවැනුව උපේක්‍ෂාව කියන තැනට ගත්තේ. දැන් පිංවත් ඔබට වැටහෙනවා ඇති ගිහි ජීවිතයේදී මම සැම දුක්‌ වේදනාවක්‌ම අකුසල් විපාකයක්‌ වශයෙන් හඳුනාගෙන, සෑම දුක්‌ වේදනාවක්‌ම ඉදිරියේ මම උපේක්‍ෂාව කියන තැනට පැමිණියා.
නමුත් මා අත්විඳි සැපවේදනාවන්, ඒවා කෙරෙහි ඇති තෘෂ්ණාව නිසාම, ධර්මානුකූලව දකින්න ශක්‌තිය තිබුණේ නැහැ. සැප වේදනාවන් කෙරෙහි මා බැඳී ගියා. මෙම තත්ත්වය මා ජයග්‍රහණය කළේ, සැම සැප වේදනාවක්‌ම නැවත නැවත අත්විඳීම තුළින්, ඇතිවෙන නීරසභාවය මතුකොටගෙන, සැප වේදනාවද දුක්‌ වේදනාවක්‌ බවට පත්කොටගෙන, එම දුක්‌ වේදනාව අවසානයේ උපේක්‍ෂා විඳීමක්‌ බවට පත්කොටගත්තා. යම් පිංවතෙක්‌ සැප වේදනාවත්, දුක්‌ වේදනාවත් මුල් වටයේදීම අනිත්‍ය වශයෙන් දැකීමට යනවා නම්, එය ටිකක්‌ අසීරු කාරණයක්‌ වෙන්න පුළුවන්. එම නිසා පිංවත් ඔබ සෑම සැප වේදනාවක්‌ම, දුක්‌ වේදනාවක්‌ම තම තමන්ගේ දක්‍ෂභාවයත්, උපක්‍රමශීලීභාවයත් උපයෝගිකොටගෙන, මුල්වටයේදී උපේක්‍ෂා විඳීම් බවට පත්කොටගන්න. එය ඔබට පහසුවක්‌ වෙනවා වේදනාවේ අනිත්‍යභාවය දැකීමට. ඒ වගේමයි පිංවත් ඔබ යම් සැපවේදනාවක්‌, දුක්‌වේදනාවක්‌ අත්විඳීමේදී, එම විඳීම ධර්ම මනසිකාරයක්‌ තුළ සිටිමින් අත්විඳීමට දක්‍ෂ නම්, එතැනදී පිංවත් ඔබට ශක්‌තිය ලැබෙනවා, එම සැප දුක්‌ වේදනාවන්, උපේක්‍ෂා විඳීමක්‌ බවට පත්කොටගන්න.

එක පිංවත් යුවලක්‌ දිනක්‌ කුටියට පැමිණ, භික්‍ෂුවට දානයක්‌ පූජාකොට කුටියෙන් පිටත් වෙනකොට එම පිංවතිය ප්‍රකාශ කරනවා ‘දැන් නම් මළත් කමක්‌ නැහැ’ ය කියලා. බලන්න දානය නමැති සැප වේදනාවට බැඳී ගියා. මහා සංඝරත්නයට දන් පූජා කරලා, වේදනාව නමැති මාරයාට බැඳිලා නිවසට යනවා. වරක්‌ භික්‍ෂුව මුණගැහෙන්න පිංවතෙක්‌ ඇවිල්ලා, එයට ඉඩ ප්‍රස්‌ථාව නොලැබීම නිසා එම පිංවතා භික්‍ෂුවට දෝෂාරෝපණය කරමින් ගිහින් තිබෙනවා. බලන්න මහා සංඝරත්නය මුණගැහෙන්න ඇවිල්ලා, දුක්‌ වේදනාව නමැති මාරයාට බැඳිලා නිවසට යනවා. දිනක්‌ භික්‍ෂුව මුණගැහෙන්න පිංවතෙක්‌ ඇවිල්ලා, එම පිංවතාට භික්‍ෂුව මගහැරීම නිසා, මම හෙට උදේට කොහොම හරි ඇවිල්ලා භික්‍ෂුව මුණගැහෙනවා කියලා ගිහින් තිබෙනවා. බලන්න මහාසංඝරත්නය මුණගැහෙන්න ඇවිල්ලා, එම පිංවතා උපේක්‍ෂා වේදනාව කියන මාරයාට බැඳිලා ගෙදරට යනවා. මෙතැනදී උපේක්‍ෂා වේදනාව කියන්නේ තෘෂ්ණාවේ මදභාවය වුණත්, උපේක්‍ෂාව තුළත් මාරයා බැසගෙන සිටිනවාය කියන කාරණය, පිංවත් ඔබ හොඳින් තේරුම්ගත යුතුයි. ඉහතින් සඳහන් කළ තෙවැනි මහත්මයා, ස්‌වාමීන්වහන්සේ හමුවීම මගහැරුණාය කියලා නොගැටී, නොඇලී ‘හෙට උදේම ඇවිත් හමුවෙනවා’ය කියලා උපේක්‍ෂා සිතින් ගෙදර ගියා. නමුත් බලාපොරොත්තු සහගතව, හෙට උදෙත් ස්‌වාමීන්වහන්සේව මුණගැහෙන්න ඇවිත් ස්‌වාමීන්වහන්සේ මුණනොගැසුණොත්, අන්න උපේක්‍ෂ සහගත මාර සිත, ඔබව නැවතත් ගැටීමක්‌, එසේත් නැතිනම් දුක්‌ වේදනාවකට යොමු කරනවා.

ඇයි පිංවත් ඔබට මෙහෙම වෙන්නේ? ඇලීමත් ගැටීමත් උපේක්‍ෂාවත් කියන සෑම විඳීමක්‌ම අනිත්‍ය වශයෙන් දැකීමට ඇති අදක්‍ෂභාවය නිසාමයි.

වරක්‌ භික්‍ෂුව ස්‌වාමීන්වහන්සේ නමක්‌ මුණගැහෙන්න ගිය අවස්‌ථාවක උන්වහන්සේ මෙහෙම ප්‍රකාශ කළා.
‘ඔබවහන්සේ දැන් ජනප්‍රියයි නේද?’
එයට භික්‍ෂුව හිනාවෙන් ප්‍රතිචාර දැක්‌ වූවා.
‘ඒ වුණාට ඔබවහන්සේව හුඟක්‌ අය විවේචනය කරනවා නේද?’
එම ප්‍රකාශයටත් භික්‍ෂුව මුවගට සිනාවක්‌ නගාගත්තා.
‘ඒ වුණාට ඔබවහන්සේ කටයුතු හොඳින් කරගෙන යන්න’
එම ප්‍රකාශයටත් භික්‍ෂුව සිහින්ව සිනාසුනා.

ඔබට සිතෙන්නට පුළුවන්, ඇයි භික්‍ෂුව බොහොම සෙමින්, ඉහත අදහස්‌වලට මුවගට නගාගත් සිනහවකින්ම පමණක්‌ ප්‍රතිචාර දැක්‌වූවේ කියලා. භික්‍ෂුව දන්නවා මේ කථා කරන්නේ ඇලීම, ගැටීම, උපේක්‍ෂාව කියන තෘෂ්ණාවේ ඵලයක්‌ය කියලා. පිංවත් ඔබ මුහුණදෙන සෑම සැප, දුක්‌, උපේක්‍ෂා විඳීමක්‌ ඉදිරියේම, අනිත්‍යයි කියන දැක්‌ම ඇති කර ගැනීමට ඔබ දක්‍ෂනම්, එය වේදනාවේ අනිත්‍යභාවය පුහුණු කිරීමට හොඳ රුකුලක්‌ වෙනවා.

චිත්තානුපස්‌සනාව – 15

සත්වයා භවයට ගාල් කිරීමේ මුල් පියවර- වේදනාව

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.

ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් මුසුවීමෙන් ‘ඵස්‌සය’ (ස්‌පර්ශය) කියන ධර්මතාව සකස්‌ වුණා. ඵස්‌සය හේතුවෙන් සකස්‌වෙන ඵලය තමයි වේදනාව.

‘ඵස්‌ස පච්චයා වේදනා. ඵස්‌ස නිරෝධා වේදනා නිරෝධා’

ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා සකස්‌වෙන ඵලය තමයි, වේදනාව. නැතිනම් විඳීම කියන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සැප වේදනාව, දුක්‌ වේදනාව, උපේක්‍ෂාසහගත වේදනාව කියලා තුන් ආකාරයක වේදනාවක්‌. සැප, දුක්‌, උපේක්‍ෂා කියන විඳීම් තුනම නිරෝධය කරන්නේ රහතන්වහන්සේයි. රහතන්වහන්සේ දැක්‌ක දෙය, ඇසුණ දෙය, දැනුණ දෙය තෘෂ්ණාවෙන් තෙත් නොකරන නිසා, විඳීම නිරෝධය වෙලා යනවා. සමහර පිංවතුන්ලා කියනවා රහතන්වහන්සේට විඳීම තිබෙනවාය කියලා. මේ කාරණය නිවැරදිව තේරුම්ගන්න නම්, වේදනාව කියන වචනයේ සැබෑම අර්ථය තේරුම්ගන්නට ඕනේ. වේදනාව කියන අර්ථයට අදාළ ඇලීම, ගැටීම, උපේක්‍ෂාව කියන කාරණා තුන තුළම තෘෂ්ණාව බැසගෙන තිබෙනවා. රහතන්වහන්සේ කියන්නේ තෘෂ්ණාව නිරෝධය කළ උත්තමයෙක්‌. එමනිසා රහතන්වහන්සේ කියන අර්ථය තුළ වේදනාව කියන අර්ථය ප්‍රතික්‍ෂේප වෙනවා. ඉහත මතය දරන පිංවතුන්ලා ඵස්‌සයත්, වේදනාවත් කියන අර්ථ දෙක පටලවාගෙනයි සිටින්නේ.

රහතන්වහන්සේ ටොපියක්‌ වළඳනවා යෑයි සිතමු. රහතන්වහන්සේට එම ටොපියේ රසය දැනෙනවා. ඒ වගේම රහතන්වහන්සේට උෂ්ණය සීතල දැනෙනවා. අනුන් තමන්ට චෝදනාවක්‌ කළත් රහතන්වහන්සේට එය ඇසෙනවා. රහතන්වහන්සේ බාහිර රූප දකිනවා. මෙතැනදි සිද්ධවෙන්නේ ඵස්‌සය. ඵස්‌සය කියන ධර්මතාවය රහතන්වහන්සේ තුළ සිද්ධවෙනවා. නමුත් රහතන්වහන්සේ දැක්‌ක දෙය, ඇසුණ දෙය, දැනුණ දෙය තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. මොකද උන්වහන්සේ රූපය කෙරෙහි විඤ්ඤාණය කෙරෙහි, තෘෂ්ණාව උතුම් ඥාන දර්ශන තුළින් ක්‍ෂය කරලයි සිටින්නේ. රහතන්වහන්සේ පැණි රසයක්‌ වළඳනකොට උන්වහන්සේට පැණිරසයක්‌ දැනෙනාව. නමුත් එම පැණ sරස කෙරෙහි උන්වහන්සේ ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන් සකස්‌කොටගන්නේ නැහැ. ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන් සකස්‌වෙනවා කියන්නේ වේදනාවේ නිරෝධයයි. දැනුණා, ඇසුණා, දැක්‌කා කියන්නේ ඵස්‌සයයි. දැනුණ දෙය, ඇසුණ දෙය, දැක්‌ක දෙය තෘෂ්ණාවෙන් තෙත් කිරීමයි වේදනාව කියන්නේ.

රහතන්වහන්සේ තුළ ඵස්‌සය කියන ධර්මතාවය නිරතුරුවම සිද්ධවෙනවා. රහතන්වහන්සේ අවබෝධ ඥානයෙන්ම ඵස්‌සයේ අනිත්‍යභාවය දකින නිසා, වේදනාව රහතන්වහන්සේ තුළ නිරෝධය වූ ධර්මතාවයක්‌ වෙනවා. ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් විඤ්ඤාණයත් කියන තියුණු මාර ධර්ම තුනක්‌ විසින් සත්වයා භවයට ගාල් කිරීමේ ක්‍රියාන්විතයේ මුල් පියවරයි වේදනාව කියන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, වේදනාව තුළත් විඤ්ඤාණය බැසගෙන තිබෙනවාය කියලා. විඤ්ඤාණය නමැති අප්‍රකට මැර්ක්‌කරුවා පටිච්චසමුප්පන්නව පැමිණි අතීත භව ගමනේ කැමති, අකමැති උපේක්‍ෂාසහගත ධර්මතාවයන්, දැනීම් මතුකොට දෙමින් වේදනවා තුළ ක්‍රියාත්මකව සිටිනවා.

පෙර ජීවිතයේ ප්‍රභූර්, මහේශාක්‍ය ජීවිතයක්‌ ගතකරපු මහත්මියක්‌ සිටිනවා. ඇය මේ ජීවිතයේ ඉපදිලා තිබුනේ ප්‍රභූර්, මහේශාක්‍ය පවුලක නොවෙයි. නාග§ක මධ්‍යම පංතික පවුලක. නමුත් මේ මහත්මියගේ හැසිරීමෙන්, ඇඳුමෙන් පැළඳුමෙන්, ඇවතුම් පැවතුම්වලින් නිරතුරුව පෙර ජීවිතයේ ප්‍රභර් මහේශාඛ්‍ය ගතිලක්‍ෂණ ප්‍රකට වෙනවා. සත්වයාගේ වේදනාව තුළ පටිච්ඡසමුප්පන්නව ගලාගෙන පැමිණෙන විඤ්ඤාණය බැසගෙන තිබෙනවා.

එක පිංවත් දරුවෙක්‌ සිටිනවා, පුංචි කාලයේදීම එම දරුවා ගාථා කියනවා. අම්මාගේ දුඹුරුපාට සාරිය පෙරවාගෙන ‘මම සාදු’ ‘මම සාදු’ කියලා කියනවා. එම දරුවාගේ කැමැත්ත පන්සල් යන්නමයි. පටිච්චසමුප්පන්නව ගලාගෙන එන විඤ්ඤාණය, දැනීම් මේ ජීවිතයේ එම ජීවිතයේ විඳීම තුළ බැසගෙන තිබෙනවා.

එක පිංවත් දැරියක්‌ සිටිනවා, ඇය ළමා කාලයේදීම තම දෙමාපියන්ට කියන්නේ ‘මම හමුදාවට බැඳෙනවා ‘ කියලා. ඇය ළමා කාලයේදී බෝනික්‌කෙකුට වඩා, සෙල්ලම් පිස්‌තෝලයක්‌ තුවක්‌කුවක්‌ සමග සෙල්ලම් කරන්න කැමතී. ළමා ඇයගේ ප්‍රියතම සෙල්ලම ‘හොරා-පොලිස්‌’ සෙල්ලමයි. ඇය පෙර ජීවිතයේදී කොටි යුද්ධය දරුණුව පැවති කාලයේ රට, ජාතිය, ආගම දැඩි ලෙස උපාදානය කරගෙන සිට මියගිය සිංහල බෞද්ධ කාන්තාවක්‌. පටිච්චසමුප්පන්නව ගලාගෙන පැමිණෙන විඤ්ඤාණය ඇයගේ වර්තමාන වේදනාව තුළ බැසගෙන සිටිනවා.

දැන් පිංවත් ඔබට තේරෙනවා ඇති, පට්‌ච්චසමුප්පන්නව ගලාගෙන එන විඤ්ඤාණය කියන ධර්මතාවය, සත්වයාගේ විඳීම තුළ ක්‍රියාත්මකවන ආකාරය.

චිත්තානුපස්‌සනාව – 14

ඔබ ඇසුණ, දැකුණ, දැනුණ තැන නැවතුණු බුදුන්ගේ දරුවෙක්‌මය

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.

අතීතයේ, වර්තමානයේ, ඔබ දැක්‌කා වූ, ඇසුණා වූ, දැනුණා වූ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍යනම්, අනිත්‍ය වී ගියා නම්, පිංවත් ඔබ ඔබේ ඇසෙන්, ඔබේ කනෙන්, ඔබේ දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්, මනසින් zමට අනාගතයේදී මෙවැනි දේ දකින්නට ලැබේවා, අසන්නට ලැබේවා, මට අනාගතයේ මෙවැනි මටසිලුටු දැනීම් ලැබේවාZ කියලා ඔබ යම් බලාපොරොත්තුවක්‌ ඇතිකර ගතහොත්, එම බලාපොරොත්තුව නිත්‍ය වේද, අනිත්‍ය වෙයිද? අතීතයේ, වර්තමානයේ ඔබ දැක්‌කා වූ, ඇසුණා වූ, දැනුණා වූ සෑම ධර්මතාවක්‌ම වෙනස්‌වී ගියා නම්, විකෘති වී ගියා නම්, ජරා ව්‍යාධි මරණ බවට පත්වී ගියානම්, අනාගතයේ ඔබ දකින්නට, අසන්නට, දැනෙන්නට බලාපොරොත්තු වන සෑම ඵස්‌සයක්‌ම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි…. වශයෙන් දකිමින් අතීත, වර්තමාන, අනාගත ඵස්‌සය කෙරෙහි අවබෝධයෙන් යුතුවම කලකිරීම ඇතිකොට ගන්න. ඵස්‌සය කියන ධර්මතාව නිත්‍යභාවයෙන් ගැනීම නිසාම, ඵස්‌සය මගේ කොටගැනීම නිසාම, සංසාරයක්‌ පුරාවට ඔබ වින්දාවූ දුක්‌ කන්දරාව නුවණින් දකින්න.

ඵස්‌සයේ අනිත්‍යභාවය පුහුණු නොකිරීම නිසාම, අතීතයේ ඔබ මියගිය සෑම ජීවිතයකදීම, කුසලය නිසා හෝ අකුසලය නිසා, ඔබට අරමුණු වන චුති සිතට ඔබ බැඳී යනවා. කුසලය නිසා ඔබට ඵස්‌සය වන දිව්‍ය රූප, දිව්‍ය ආලෝක, දිව්‍ය මල්ගොමුවලට බැඳී යනවා. දිව්‍ය ශබ්ද, දිව්‍ය තූර්යවාදන හඬට, දිව්‍ය පිරිත් සඡ්Cධායනයට, අවසාන චුති සිතේදී බැඳී යනවා. දැක්‌ක දෙය, ඇසුණු දෙය, දැනුණු දෙය, අනිත්‍ය වූ ඵස්‌සයක්‌ය කියලා දකින්න දක්‍ෂ නැහැ. මැරෙන වෙලාවේ අවසාන චුති සිතට, ඔබේ ගේ දොර, ඉඩකඩම්, බිරිඳ, දරුවන්, මුණුපුරන් දැක්‌කොත්, ඔබ එම රූපයන්ට බැඳී නිවසේම, ඉඩමේම ප්‍රේත ජීවිතයක්‌ ලබනවා.

ඔබේ චුති සිතට අරමුණු වූ රූපය දැක්‌කාය කියන තැන නවතින්න ඔබ දක්‍ෂ වුණේ නැහැ. ඇයි අතීතයේ මෙහෙම වුණේ. ඵස්‌සයේ අනිත්‍යභාවය පුහුණු නොවීම නිසාමයි. ඵස්‌සයට සකස්‌ වීමට හේතු වන, රූපයේ අනිත්‍යභාවය නොවැඩුව නිසාමයි. පිංවත් ඔබ මේ ලැබුණා වූ ජීවිතයේදී අකුසල් අවම කොටගෙන, කුසලය ශක්‌තිමත් කොට ගන්නත්, කුසලයන් අකුසලයන් තුළින් සකස්‌ වෙන අවසාන චුති සිත, අනිත්‍ය වශයෙන් දකින්නත්, වර්තමානයේ දකින, ඇසෙන, දැනෙන, සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය වශයෙන් දකින්න පුහුණු වෙන්න. අතීත, වර්තමාන ඵස්‌සය අනිත්‍ය නම්, අනාගත ඵස්‌සයන් කෙරෙහි කලකිරීම ඇතිකොටගන්න.

පංචඋපාදානස්‌කන්ධ ධර්මයේ තීරණාත්මක ධර්මතාව තමයි, ඵස්‌සය. ඵස්‌සය කියන ධර්මතාව සකස්‌ වෙන්නේ මාර බලවේග තුනක එකතුවෙන්. ආධ්‍යාත්මික රූපය කියන්නේ මාරයා. බාහිර රූපය කියන්නෙත් මාරයා. විඤ්Æණය කියන්තෙත් මාරයා. මේ තියුණු මාර බලවේග තුන එකතුවයි, ඵස්‌සය කියන ධර්මතාව සකස්‌ කොට දෙන්නේ. ඵස්‌සය කියන ධර්මතාව සකස්‌ වීමේදී විඤ්Æණයේ ක්‍රියාකාරිත්වය අප්‍රකටව බලවත් වෙනවා. මේ අප්‍රකට ක්‍රියාකාරිත්වය නිසයි, බුදුරජාණන්වහන්සේ විඤ්ඤාණය මැජික්‌කරුවෙක්‌ වශයෙන් දේශනා කරන්නේ. ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීමෙන් භව නිරෝධය දෙසටත්, ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීමෙන් භවයටත් සත්ත්වයා බැඳ තබන නිසා, සත්ත්වයා භවයට ගාල්කිරීම උදෙසාම මාර බලවේග තුනක්‌ම, ඵස්‌සය ඉදිරියේ ශක්‌තිමත්ව සිටිනවා. පිංවත් ඔබ ඵස්‌සය නමැති මේ මාර බලවේග තුනවන ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්Æණයත් යන ධර්මතාවන් තුනෙන් සකස්‌වෙන දැක්‌කා, ඇසුණා, දැනුණා, සිතුණා කියන ධර්මතාවන් විවේකී මනසකින් යුතුව නිවැරදිව හඳුනාගෙන ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීමට පුහුණු වීම පංච උපාදානස්‌කන්ධය අනිත්‍ය වශයෙන් දැකීමටත්, ඒ දැකීම තුළින්ම උතුම් අධිගමයන් සාක්‍ෂාත් කොට ගැනීමටත් එකම මාර්ගය වෙනවා.

පිංවත් ඔබ ඵස්‌සය නමැති ධර්මතාවයේ අනිත්‍යභාවය ශක්‌තිමත්ව දැකීමට නම්, රූපයේ අනිත්‍යභාවය දැකීම පුහුණු කරන්නටම වෙනවා. රූපයේ අනිත්‍යභාවය දකින්නේ නැතිව, ඵස්‌සයේ අනිත්‍ය භාවය දකින්නට අපහසු වෙනවා. රූපයේ අනිත්‍යභාවය පිංවත් ඔබ මුලින්ම දකින්න. පිංවත් ඔබ රූපය කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනකොට විඤ්Æණයේ ක්‍රියාකාරිත්වයට ඔබ අභියෝග කළා වෙනවා. මේ හේතුඵල ධර්මයයි, පිංවත් ඔබට ඵස්‌සයේ අනිත්‍යභාවය දැකීම සහතික කොට දෙන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනාකර ඇති, ස්‌වාක්‌ඛාත ඥානය කියන්නේ මේ සෑම ධර්මතාවක්‌ම අනුපිළිවෙළට, එක පියවරක්‌ වැඩෙනකොට අනිත් පියවර වැඩෙන ආකාරය, එක පියවරක්‌ නිරෝධය වන විට අනිත් පියවර නිරෝධය වන ආකාරය හේතුඵල ධර්මතාවන්ට යටත්වයි ධර්මය දේශනාකොට තිබෙන්නේ. එමනිසා පිංවත් ඔබ රූපයේ අනිත්‍යභාවය පුහුණු කිරීමෙන් ලබන ඵලයන් තුළින්මයි, ඵස්‌සයේ අනිත්‍යභාවය දකින්න ශක්‌තිය සකස්‌කොට දෙන්නේ.

පිංවත් ඔබ පටාචාරාව පිස්‌සියක්‌ සේ නිරුවතින් බුදුරජාණන්වහන්සේ හමුවට පැමිණි අවස්‌ථාවේදී, මේ දර්ශනය දැක දායක පිරිස කලබලකාරී වෙද්දී zදැක්‌කායZ කියන තැන නැවතී සිට බුදුරජාණන්වහන්සේ සිහිපත්කොට ගන්න. අන්‍ය ශාස්‌තෘවරු බුදුරජාණන්වහන්සේට අභූත චෝදනා එල්ලකොට චරිත ඝාතනයක්‌ සිදු කරද්දී මේ සෑම අභූත චෝදනාවක්‌ ඉදිරියේම ඇසුණා කියන තැන නතර වී සිටි බුදුරජාණන්වහන්සේව සිහිපත් කොටගන්න. දේවදත්ත හිමි, ගල්පරයක්‌ පෙරළා බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී ශරීරය තුවාල කිරීමේදී දැනුණු ඒ කටුක වූ වේදනාව ඉදිරියේ දැනුණාය කියන තැන නැවතී සිටි බුදුරජාණන්වහන්සේ සිහිපත් කොට ගන්න.

රූපය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළ තැන, විඤ්ණයේ ක්‍රියාකාරිත්වය අහිමි වෙලා යනවා. ඒ නිසාම එවැනි උතුමන්ට දැක්‌කා, ඇසුණා, දැනුණා යන ධර්මතාවන් හුදු අනිත්‍ය වූ ඵස්‌සයක්‌ පමණක්‌ම වෙනවා.

(ඵස්‌සයට අදාළ කොටස මෙතැනින් නිම වේ. ලබන සතියේ වේදනාවේ අනිත්‍යය දැකීම)

චිත්තානුපස්‌සනාව – 13

ඕනෑම අකීකරු ලෝක ධර්මයක්‌ ඉදිරියේ නොසැලී සිටින්නට නම්…

ආධ්‍යාත්මික රූපයත් මාරයාම වූ කල, මීට උපකාරක ධර්මයන් සකස්‌කොට දෙන විඥාණයත් මාරයාම වූ කල, මෙහි ඵලය වන, ඵස්‌සය කියන ධර්මතාවත් මාරයාටම අයිති ධර්මතාවක්‌ බවට පත්වෙනවා. ඵස්‌සය පිංවත් ඔබ නිත්‍ය වශයෙන් ගන්නා මොහොතක්‌ පාසා, පිංවත් ඔබ මාරයා, එසේත් නැතිනම් සංස්‌කාර ජීවිතයට එකතු කොටගත් භවගාමී පුද්ගලයෙක්‌ වෙනවා. මෙය සටහන් තබන භික්‍ෂුව කවදාකවත් අකීකරු ලෝකය හදන්න යන්නේ නැහැ. අකීකරු ලෝකය තුළ භික්‍ෂුව කීකරුව ජීවත්වෙන්නේ අකීකරු ලෝකයෙන් ඇසෙන, දකින, දැනෙන, වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීම නිසාමයි. පිංවත් ඔබටත්, අකීකරු ලෝකය වටිනා කමටහනක්‌ බවට පත්වෙන්නේ වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීම තුළින්මයි. වර්තමාන ඵස්‌සයේ අනිත්‍යභාවය දකින පිංවතා, ඕනෑම අකීකරු ලෝක ධර්මයක්‌ ඉදිරියේ නොසැලී සිටින ශක්‌තිමත්භාවය ලබනවා.

සමහර දෙමාපියන්, ගුරුවරුන් අපට කියනවා “මේ දරුවා මට පෙන්නන්න බැහැ” කියලා “අහවල් මනුෂ්‍යයා මට පෙන්නන්න බැහැ” කියලා. ඇයි මෙහෙම වෙන්නේ? වර්තමාන ඵස්‌සය මගේ කොට ගන්නවා. ඵස්‌සය තුළ මම සිටිනවාය කියලා ගන්නවා. ඵස්‌සය මගේ ආත්මය කොට ගන්නවා. උවමනාවෙන්ම මාරධර්මයන්ට ආහාර, පෝෂණය ලබාදෙනවා. වර්තමාන ඵස්‌සයේ අනිත්‍යභාවය දකින පිංවත් ඔබ අතීත ඵස්‌සයේද අනිත්‍යභාවය දකින්න. පිංවත් ඔබ ඔබේ ඇස්‌දෙකෙන් මුලිsන් දැක්‌කේ කුමක්‌ද? ඔබේ අම්මාගේ රූපයයි. ඒ දැක්‌ක අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය, ආච්චී, සීයා, තොටිල්ල, සෙල්ලම් බඩු, ළදරු පාසල, පාසල, විශ්වවිද්‍යාලය…. මේ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌වී ගියා. විකෘති වී ගියා. අතීතයේ ඔබ දැක්‌ක ඔබේ මහගෙදර, මහ ඉඩම අනිත්‍ය වී ගියා. වෙනස්‌වී ගියා. අහිමිවී ගියා.

පිංවත් ඔබගේ කනට මුලින්ම ඇසුණාවූ ශබ්දය ඔබට මතකද? ඔබ මවුකුසෙන් එළියට එන වේලාවේ, ශල්‍යාගාරයේ” ඔබ නැඟූ ඔබේම කෑගැසීමේ හඬයි ඔබ මුලින්ම ඇසුවේ. දෙවැනිව ඔබේ අම්මාගේ දරු නැලවිලි, තාත්තාගේ සුරතල් බස්‌, අතීතයේ ඔබට ඇසුණා වූ සෑම ශබ්දයක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ඊයේ දවසේ මොනතරම් රූපයන්, මොන තරම් ශබ්දයන් ඔබට දැනෙන්නට ඇතිද? පරිසරයෙන්, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් මේ ඇසුණු, සෑම මිහිරි වූද ශබ්දයන් අනිත්‍ය වූ හැටි නුවනින් දකින්න. පිංවත් ඔබේ දිවට දැනුණු මුල්ම රසය මව් කිරිවල රසයයි. පිංවත් ඔබ මුලින්ම ඉඳුල් කටගාපු දවසේ දැනුණු ආහාරයේ රසය අනිත්‍ය වූ හැටි නුවණින් දකින්න. ඔබේ නාසයට දැනුන අම්මාගේ සුවඳ, අම්මාගේ ශරීරයේ උණුසුමේ පහස, සිනිඳු ඇතිරිලිවල පහස අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ඊයේ දවසේ ඔබ ඇසූ සෑම ශබ්දයකම, සෑම දැනීමකම, සෑම සිතිවිල්ලකම අනිත්‍යභාවය නුවණින් දකින්න. මේ ඔබ දකින්නේ අතීත ඵස්‌සයේ අනිත්‍යභාවයයි.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මේ ජීවිතයෙනුත් ඈතට අතීත ජීවිතවල ඵස්‌සයේ අනිත්‍යභාවය දකින්න කියලා. පටිච්චසමුප්පන්නව ඉපදුණු ඔබේ ඇසෙන්, ඔබ අතීතයේ කොපමණ නම්, බුදුරජාණන්aවහන්සේලා දකින්න ඇතිද? පසේබුදුරජාණන්වහන්සේලා, මහරහතන්වහන්සේලා දකින්නට ඇතිද? ඒ උතුමන්ගෙන් කොපමණ නම් සද්ධර්මය අසන්නට ඇතිද. උන්වහන්සේලා නිසා මොනතරම් නම් ධර්මයේ ආශ්වාදයන් දැනෙන්නට ඇතිද? ඔබ ඒ අතීතයේ දැක්‌ක, ඇසුණ, දැනුන සෑම ඵස්‌සයක්‌ම අනිත්‍යවී ගියා. පිරිනිවී ගියා. අහිමිවී ගියා. අතීතයේ පිංවත් ඔබ සක්‌විති රජුවෙලා ඉපදුණු වෙලාවේ, ශක්‍රදෙවියන් වෙලා ඉපදුණු වේලාවේ මොනතරම් අතිසුන්දර, සුඛෝපභෝගී, රූමත්, මිහිරි රූපයන්, ශබ්ධයන්, ස්‌පර්ශයන් දකින්නට ඇසෙන්නට දැනෙන්නට ඇතිද? නමුත් ඒ අතීත සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌ වී ගියා. විකෘති වී ගියා. දෑස්‌ පියාගෙන, පිංවත් ඔබ දිව්‍ය ලෝකවල ඉපදුණු වෙලාවේ ඔබ ලැබූ අසිරිමත් දිව්‍ය සම්පත්a, දිව්‍ය රූපයන්, දිව්‍ය භෝජන, දිව්‍ය නැටුම් ගැයුම් වැයුම් වෙනස්‌ වී ගිය හැටි, අහිමි වී ගිය හැට නුවණින් දකින්න. ඔබ සතර අපායන්නට වැටුණු වෙලාවේ සතර අපායන්හි ඔබ දැක්‌ක, ඔබට ඇසුණ, දැනුණ, ඔබේ සහෝදර සහෝදරියන්, ප්‍රේත ප්‍රේතියන්ගේ, තිරිසන් සතුන්ගේ, අසුරයන්ගේ, නිරිසතුන්ගේ, අපුල රූපයන් , බියකරු ශබ්දයන්, අමිහිරි ස්‌පර්ශයන් අනිත්‍ය වී ගිය අතීත ඵස්‌සයේ යථා ස්‌වභාවය නුවණින් දකින්න.

දැන් පිංවත් ඔබට හොඳින්ම වැටහෙනවා ඇති ඔබ පටිච්චසමුප්පන්නව පැමිණි අතීත භවයන්හිදී ඔබට ඇසුණාවූ, ඔබට දැනුණාවූ ඔබ දැක්‌කාවූ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය කියලා.